Breaking News
Home / ක්‍රිඩා / පරදින්න ලැජ්ජාවක් බයක් දැනෙන්න ඕන – මාලි එංගලන්තයේ සිට දෙහි කපයි

පරදින්න ලැජ්ජාවක් බයක් දැනෙන්න ඕන – මාලි එංගලන්තයේ සිට දෙහි කපයි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන මීළඟ තරගය ඇෆ්ගනිස්තානය සමගින් පැවැත්වීමට නියමිතයි.

කෙසේ නමුත් හෙට තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය හැකි බවයි එංගලන්තයෙන් වාර්තා වන්නේ. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පැවසුවේ දිගින් දිගටම තරග පරාජය වීම සම්බන්ධයෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් ලැජ්ජා විය යුතු බවයි.

ලසිත් මාලිංග – පහුගිය කාලය තිස්සෙම මැච් එකක් පරදිනවා ඒක අමතක කරනවා.අනිත් එකට යනවා.ඒක පරදිනවා.ඊළඟ එකට යනවා.එහෙම ගියොත් අපිට හැමදාම මේ විදියට යන්න පුළුවන් වෙයි.එහෙම ක්‍රිකට් ගහන්න බැහැ.

හැම ක්‍රීඩකයෙක්ටම තමන්ගේ තරගකාරිත්වය සම්භන්ධයෙන් බයක් ලැජ්ජාවක් තමන් දක්ෂතා දක්වන්නම ඕන කියන මතේ ඉඳගෙන ක්‍රීඩාකළ යුතුයි.නැත්නම් අපේ ක්‍රිකට් මෙතනින් එහාට අරගෙන යන්න අමාරුයි.හෙට ඉදල හරි ලංකාවෙන් පහළොස් දෙනෙක් අතරට තේරිලා ඉන්න මම නිකන් තරගයට ඇවිත් යන්න නෙවෙයි.

මට බාරදීලා තියෙන ජොබ් එකක් තියෙනවා.මම එක කරන්න ඕන කියල බයක් ලැජ්ජාවක් තිබුනොත් විතරයි හැමදේම වෙනස් වෙන්නේ.

පගාවට ලෝක කුසලාන සංචිතයට ක්‍රීඩකයින් ඇතුලත් කර ඇති පසුබිමක පළපුරුදු ක්‍රීඩකයින් ඉවත දමා නවකයින් හා වරින් වර කණ්ඩායමට කඩවන ක්‍රීඩයන් සමග ලෝක කුසලානයක් ක්‍රීඩා කිරීමට එංගලන්තයට ලංකාව කණ්ඩායමක් යවා තිබේ.

බංගලාදේශය හා පකිස්තානය ලකුණු 300 පසු කර ජයග්‍රහණ ලබා ගත්තේ පළපුරුදු ක්‍රීඩකයන්ගේ මුලිකත්වයෙන් බව පැහැදිලිවම පෙනීගිය අතර ලංකාවේ පළපුරුදු ක්‍රීඩකයන් රොත්තක් කපා දමා පගාවට පවා ක්‍රීඩකයින් ලෝක කුසලානයට කැදවාගෙන ගියත් ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට තරම් කොන්දක් පන ඇති එකකු රටේ නැතිවීම සියල්ල පිරිහී ඇති රටේ පුදුමයකුත් නොවේ.

About article14

Check Also

පක්ෂයෙ එකමුතුභාවය වෙනුවෙන් සුවිශේෂි තිරනයක් ගැනීමට සූදානම් – රනිල්

පක්ෂයේ එකමුතු භාවය වෙනුවෙන් තමා ඕනෑම කැප කිරීමකට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!