Breaking News
Home / දේශීය පුවත් / පන ඇති මිනිසුන්ගේ සාධාරණය වෙනුවෙන් හඬ නැගූ සෝභිත හිමි නමින් පණ නැති රාජගිරියේ පාලම නම් කරන්න යයි

පන ඇති මිනිසුන්ගේ සාධාරණය වෙනුවෙන් හඬ නැගූ සෝභිත හිමි නමින් පණ නැති රාජගිරියේ පාලම නම් කරන්න යයි

රාජගිරිය ගුවන් පාලම පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමි නමින් කරන ලෙසට යෝජනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ජනවාරි 08 දා සිදුවූ වෙනසට විශාල දායකත්වයක් දැක්වූයේ උන්වහන්සේ බවත් මේ නිසා ගුවන් පාලම උන්වහන්සේගේ නමින් නම් කරන ලෙසට බොහෝ දෙනෙකු ඉල්ලා සිටින බවද ජනපතිවරයා සඳහන් කළේය.

රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සභභාගිවෙමින් අද (08දා)  ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

රාජගිරිය ගුවන් පාලම විවෘතකල වාර්ථාව මෙතනින් බලන්න ක්ලික් කරන්න.

 

මාර්ග තදබදයට විසඳුම් ලබාදීමට බොහෝ කටයුතු සිදුකරන බවත් ඉන් එක් වැඩසටහනක් ලෙස රාජගිරිය ගුවන් පාලම ඉදිකර ජනතා අයිතියට පත්කළ බවත් ජනපතිවරයා සඳහන් කළේය.

අපට මේ ගැන දැනෙන හැගීමනම් සාධාරණ සමාජයක් වෙනුවෙන් රටේ වෙනසක් සිදු කල මහා යථිවරයානන්ගේ එකම බලාපොරොත්තුව වූයේ එවකට දූෂිතයන්ට නිසි දඬුවම් දී අළුත් දූෂිතයන් බිහිවන තැනම දියකර හැරීමයි.

එහෙත් පාර්ලිමේන්තු මැතිවරනයෙන් පසු පැරදී කුජීතවී ගිය දූෂණ චෝදනා සහිතවුන් පක්ෂයක නාමයෙන් නැවත පාර්ලිමේන්තුවට කැඳවා ගත් දිනයේ සිට සෝභිත හිමි අපවත්වී ගිය බව දුක්කදායකම කාරණයයි. ඒ උන්වහන්සේ පැතූ වෙනස දින ගනන්ක් ඇතුලත දූෂණය කල නිසා. එසේම මහබැංකු හොරකමත් ඒ වන විට කර අවසන්.

ලසන්ත, එක්නැලිගොඩ, තාජුදීන් වැනි ප්‍රශ්නගත සිද්දීන් වලට සාධාරණයක් වසර තුනක් යන විටත් කිසිදු වෙනසක් වී නැත. දූෂිතයන් හොරුන් අන් කවරදාකටත් වඩා එලිපිට කෝ හොරු කියමින් කෝචොක් කිරීමට පටන් අරන් ඇත. යහපාලනයේ නාමයෙන් බැංකුවක් කොල්ල කා ඇත.

එසේ තිබියදී එලිපිට සධාචාරය දූෂණය වී ඇති අවස්ථාවක පණ නැති කොන්ක්‍රීට් පාලමකට ජනතාවගේ විමුක්තිය ප්‍රාර්ථනාකල මහා යථිවරයානන්ගේ නම යෙදීමට යෑම උන්වහන්සේට කරන ප්‍රභල අගෞරවයකි. උන්වහන්සේ සිහිපත් කිරීමට පණ නැති පාලම්වල නම් තැබීම නොව දූෂිතයන්ට දඬුවම් දී මහජන මුදල් නැවත අයකර ගත යුතුය. එවිට තව සියවස් ගනනාවක් සෝභිත හිමි පිලිබද කථා කරනු ඇත.

About article14

Check Also

දුරය අහිමිවීමේ බියෙන් රෝසි රනිල් ලග දණගහයි කොළඹ නගර සබාවට පලාත්සබාවෙන් කෝටි 300 ක පොල්ලක්

එක ගෙදර වසන සජිත් බලවේගයෙන් පුතා චන්දය ඉල්ලන කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය ඇතුළු එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!