Breaking News
Home / දේශීය පුවත් / පනී ආය පනී ආයෙත් පනි නැවත පනී දයාසිරි පොහොට්ටුවට යන්න ගිහින් මෛත්‍රිගෙන් තනතුරක් අරන් ටෝක් එකක්දී නවතී

පනී ආය පනී ආයෙත් පනි නැවත පනී දයාසිරි පොහොට්ටුවට යන්න ගිහින් මෛත්‍රිගෙන් තනතුරක් අරන් ටෝක් එකක්දී නවතී

පසුගිය දා රජයේ තනතුරුවලින් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබෙනවා.

නිදහස් පක්ෂයේ නව නිලධාරි කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී හමුවක් පැවැත්වුණු අතර එහිදී පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මෙන්ම පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස දයාසිරි ජයසේකර සහ අමාත්‍ය මහින්ද සමරසිංහ පත් කිරීම සිදුවූ බවයි නිදහස් පක්ෂයේ උප ලේකම්වරයෙකු වන බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය සඳහන් කළේ.

මෙම හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද එක්ව සිටි බව ප්‍රධාන අමාත්‍යවරයා තහවුරු කළා.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට 16 කණ්ඩායම නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහභාගි නොවීම විශේෂයෙන් කැපී පෙණුනා.

16 දෙනා නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් එම අවස්ථාවට සහභාගී නොවූයේ එස්බී දිසානායක සහ දයාසිරි ජයසේකර පමණයි.

එස්බී දිසානායක විදෙස්ගත වීම හේතුවෙන් මෙම හමුවට සහභාගී නොවූ බව 16 කණ්ඩායමේ සාමාජිකයින් තහවුරු කළ අතර දයාසිරි ජයසේකරගේ නොපැමිණීමට හේතුව නිශ්චිත වශයෙන් පැවසීමට ඔවුන් අපොහොසත් වූවා.

එමෙන්ම ඊයේ අදාළ හමුවට පෙර දයාසිරි ජයසේකර මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව සඳහා තමන් හට කිසිදු ආරාධනාවක් සිදුකර නොමැති බවයි.

ජෝන් සෙනෙවිරත්නගේ තීන්දුව 16යේ කණ්ඩායමේ සියලුදෙනාගේ තීන්දුව නොවන බවට පවසා ඇති ඔහු ඒකාබද්ධ විපක්ෂය විසින් තමන්ව පාවඩ දමා පිළිගැනීම අවශ්‍ය නොමැති නමුත් බල්ලෝ බළල්ලුන්ට මෙන් සැළකීමට තමන් එකඟ නොවන බවත් ප්‍රකාශ කොට තිබෙනවා.

එමෙන්ම මේ වන විට 16යේ කණ්ඩායම තුළත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බවද ඔහු ප්‍රකාශ කළ බව සඳහන්.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීමට සූදානම් නොමැති බවයි.

මේ අතර දයාසිරි ජයසේකර ජන හමුවක් අමතමින් පහත පරිදි අදහස් පළ කළා.

“කොම්පැණියේ ඩිරෙක්ටර්ස්ලා හිටපු ගමන් අප්සෙට් යනවා. හැබැයි ආපහු ඩිරෙක්ටර්ස්ලා ටික එකතුවෙලා වැඩේ පටංගත්තම වැඩේ දුවනවා. කොම්පැණිය නැවත උස්සගන්න තියෙන්නෙ. ඒකට මේක අතහැරලා දාලා වෙන කොම්පැණියකට යන එක නෙවෙයි කරන්න තියෙන්නේ. මේ කොම්පැණිය හදාගන්න ඕනෙ.

අපි කකුල් දෙක දෙපැත්තෙ තියන් ඉන්නවලු. කොහෙද කකුල් දෙක දෙපැත්තෙ තියන් ඉන්නෙ? මම ආයේ ගමින් ගමට ගිහිල්ලා අපේ ශාඛා සමිති ටික හදනවා. තරුණ සමිති ටික හදනවා. කාන්තා සමිති ටික හදනවා. ඉන්නේ දහදෙනාද, ඒ ටික එකතු කරන්න. එකතු කරලා පක්ෂෙ ගොඩගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මිනිස්සු ඉන්නවා.

ජනාධිපතිවරණයේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝගය නැතුව කිසිම කෙනෙකුට දිනන්න හම්බවෙන්නෙ නෑ මතක තියාගන්න. අපේ තියෙන ලක්ෂ 15, ලක්ෂ 20 කරන්න අපි මහන්සි වෙන්න ඕනෙ. කවුරුහරි හිතනවනම්, පොදුජන පෙරමුණේ අපිට 44ක් ආවා, අපි බලාගමු, අපිට තනියම දිනන්න පුලුවන් කියලා, පුලුවන්නම් දිනාගන්න කියන්න.

ඉන්න ගෙදර අතඇරලා දාලා වෙන ගෙවල්වල තාවකාලිකව ලැගුම්ගන්න මම නම් සූදානම් නෑ. දේශපාලනයෙන් හෙට විශ්‍රාම ගියත් දයාසිරි ජයසේකර එක එකාට නැමෙන්න සූදානම් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ජයග්‍රහණය සඳහා අපි කැපවෙනවයි කියන එක මං තමුන්නාන්සෙලාට කියන්න කැමතියි.

About lanka

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!