Breaking News
Home / ක්‍රිඩා / පන්දු 4 කින් කඩුලු 4 ලබා ගැනීම මින් පසු ගරු නාමය ‘මාලි ට්‍රික්’ වෙයි

පන්දු 4 කින් කඩුලු 4 ලබා ගැනීම මින් පසු ගරු නාමය ‘මාලි ට්‍රික්’ වෙයි

වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද යමක් කර පෙන්වන ක්‍රීඩකයෙක් වන ලසිත් මාලිංග අද (6) නැවත වතාවක් ලොව හමුවේ සිය සුපිරි පන්දු යැවීමේ බලය විදහා දැක්වීමට සමත් වූයේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවති තෙවැනි හා අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී පන්දු 4ක් තුල කඩුලු 4ක් දවා ගනිමින්.

එම සුපිරි දස්කමත් සමඟින් පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ පැවති මෙම තරගයෙන් ලකුණු 37ක ජය ගත් ලබා ගත් ශ්‍රී ලංකාව මෙම වසරේ ලබා ගත් පළමු විස්සයි විස්ස තරග ජයග්‍රහණයට හිමිකම් කීමට සමත් වුනා.

මෙවැනි පන්නයේ ජයක් ලබන්නට ලංකාව සමත්වූයේ 2014 ජයග්‍රාහි 20 20 අවසන් පුර්ව තරගයෙදියි. එහිදී ලංකාව ලකුණු 119 ලබා සිට හේරත් පන්දු යැවීම ආරම්භ කරමින් ලකුණු 3 කට කඩුලු 5 ක් ලබා ගත්තා. නවසීලන්තය ලබා ගත්තේ ලකුණු 60 පමණයි.

ඊයේ (6) තරගයේදී නවසීලන්තය ලබා ගත්තේ ලකුණු 88 පමණයි. එහිදී ලෝකපුජිත යෝකර් රජු තම 5 වන කඩුලු ත්‍රිත්වය ලබාගත් අතර නොතිබූ ජයක් ගෙන එන්නට සමත් වුයේ ඔහුයි. තමන් යැවූ දෙවන පන්දු වාරයේදී එකවර ලෝක වාර්තා 3 ක් බිහි කිරීමට ඔහු සමත්වුනා.

ඒ ලොව 20 20 කඩුලු 100 ලබාගත් පළමු ක්‍රීඩකයා වෙමින්. දැනට වැඩිම කඩුලු ලබා සිටින්නේ මාලිංග වන අතර පන්දු 4 කින් කඩුලු 4 බැගින් දෙවරක් ලබාගත් එකම ක්‍රීඩකයා මෙන්ම කඩුලු ත්‍රිත්ව 5 ක් ලබා ගත් ලොව එකම ක්‍රීඩකයා වෙමින්.

මිට පෙර ලොව වැඩිම කඩුලු ත්‍රිත්ව ලබා සිටියේ වසීම් අක්රම් වන අතර ඔහු කඩුලු ත්‍රිත්ව 4 ක් ලබා සිටියා. පන්දු 4 කින් කඩුලු 4 පළමුව ලබා ගන්නේ 2007 දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන තරගාවලියේදී වන අතර වසර 12 පසුමාලිංග නැවත එම දස්කම පානවා.

ලොව එම දස්කම දෙවරක් කල එකම ක්‍රීඩකයා මාලිංග වන නිසා ඔහුට ගරුත්වයක් වශයෙන් එම දස්කමට නව නමක් යොදා තිබෙනවා. මින් පසු පන්දු 4 ට කඩුලු 4 ලබාගතහොත් එය නම් කරන්නේ ‘මාලි ට්‍රික්’ ලෙසයි. ලංකාවේ ක්‍රීඩකයන් ලෝකයට බිහිකළ අලුත් නම් අතර මුරලිගේ දුස්රා දිල්ස්කුප් සහ මාලි ට්‍රික් අයත් වනවා.

ලසිත් මාලිංග එළබෙන වසරේ ලෝක කුසලානය තෙක් ක්‍රීඩා කිරීමට නියමිත අතර මේ වන විට මාලිංග කඩුලු 104 ලබා සිටිනවා. එසේම කඩුලු 5 බැගින් අවස්ථා දෙකක් මෙන්ම ඊයේ පන්දු යැවීම හොදම පන්දු යැවීමද වනවා. 35 හැවිරිදි මාලිංග දැනට ක්‍රීඩා කරන්නේ 20 20 තරග රටාව පමණයි.

ලංකාවේ මීලග තරගාවලිය පකිස්තාන තරගාවලිය වන අතර එයට ජෙෂ්ට ක්‍රීඩකයින් ගණනාවක් එහි යාම ප්‍රතික්ෂේප කර ඇතියි වාර්තාද වනවා.

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!