Breaking News
Home / දේශීය පුවත් / පටන් අරන් මාස 11 න් රාජගිරියේ ගුවන් පාලම විවෘත කරයි. වියදම මිලියන 4700 යි. අවට පාරවල් මංතීරු 3 ක් කරන්න යයි

පටන් අරන් මාස 11 න් රාජගිරියේ ගුවන් පාලම විවෘත කරයි. වියදම මිලියන 4700 යි. අවට පාරවල් මංතීරු 3 ක් කරන්න යයි

දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසදුමක් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් අද (08) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි.

මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ වුවද මගී ජනතාවගේ පහසුව සදහා එහි කටයුතු මාස 11කට පෙර නිම කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගැනිණි.

ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ කළ අතර, වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700 කි.

මංතීරු හතර බැගින් වූ ගුවන් පාලම දිගින් මීටර් 534 ක් වන අතර මීටර් 180 ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුළත්ය. මීට සමගාමීව අවට මාර්ග රැසක් සංවර්ධනය කෙරෙන අතර නාරාහේන්පිට දෙසට ගමන් කිරීම සදහා විකල්ප මාර්ගයක් මෙන්ම බුත්ගමුව දෙසට වන මාර්ගය මංතීරු 03 ක් සහිතව සංවර්ධනය කෙරේ.

ඉහළ නවීන තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකර තිඛෙන පාලම යකඩ මත කොන්ක්‍රිට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප්‍රථම ගුවන් පාලම ලෙස ඉතිහාසයට එක්වන අතර එමෙන්ම ලංකාවේ ඉදිකළ අලංකාරවත්ම ගුවන් පාලම ද වෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මැති ඇමතිවරු පිරිසක් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Image may contain: sky, cloud and outdoorImage may contain: sky and outdoorImage may contain: 2 people, people standing and outdoorImage may contain: 5 peopleImage may contain: 14 people, people smiling, people standingImage may contain: 8 people, people sittingImage may contain: sky, skyscraper and outdoor

About article14

Check Also

පුහුල් හොරා කෙහෙල් කැනක් එක්කම වැට පනියි. ක්‍රිකට් හිටපු සභාපති ඇෆ්ගනියන් ගැන සතුටින්. සුමතිපාල ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෝස් මුරයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළීබඳව ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද විවාදයට බඳුන්විය. එහිදී තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!