Breaking News
Home / ක්‍රිඩා / පකිස්ථාන එක්දින තරඟාවලියට මාලිංගගේ සහභාගිත්වය අවිනිෂ්චිතයි

පකිස්ථාන එක්දින තරඟාවලියට මාලිංගගේ සහභාගිත්වය අවිනිෂ්චිතයි

පකිස්ථානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට ලසිත් මාලිංග සහභාගී නොවන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. මෙම තරගාවලියෙන් තමා ඉවත් කරන ලෙසට මාලිංගගෙන් ඉල්ලීමක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

තේරීම් කමිටුව විසින් මෙම තීරණයට එළඹ ඇතැයි ද සඳහන්.  සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර පකිස්ථානය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ද ඇන්ජෙලෝ මැතිව්ස් ඉවත්කර තිබෙනවා.

ඒ ආබාධ තත්වයකට පත්ව සිටින ඔහු මෙතෙක් සුව අතට පත් නොවීම හේතුවෙන්.  මීට පෙර විශ්වාසය පළ කෙරුනේ දෙවන ටෙස්ට් තරගයට මැතිව්ස්ට සහභාගී වීමට හැකිවනු ඇති බවටයි.  කෙසේවෙතත් ඔහුට ඊට සහභාගී විය නොහැකි බව කණ්ඩායම් කළමණාකාරීත්වය තහවුරු කර තිබෙනවා.

About article14

Check Also

මදුෂ්ගේ ගෝලයා කන්ජිපාන ඉම්රාන් නැමැත්තාගේ අනියම් බිරිය කියන ‘කුඩු චුටි’ නමැත්තියට වෙඩි තබයි. අමල් හා නදිමාල් ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ලබන 28 වනදා දක්වා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!