Breaking News
Home / දේශීය පුවත් / පකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙනා කෝටි 52 ක් කුඩු විකුණා හම්බකළ ‘කුඩු සිද්දික්’ නමැත්තාට මහින්ද සිරිසේනගේ හිතවත් නීතිඥ සංගමේ සභාපති ඇප අරන් දෙයි

පකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙනා කෝටි 52 ක් කුඩු විකුණා හම්බකළ ‘කුඩු සිද්දික්’ නමැත්තාට මහින්ද සිරිසේනගේ හිතවත් නීතිඥ සංගමේ සභාපති ඇප අරන් දෙයි

හෙරොයින් ජාවාරම් කිරීමෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් වසර 3 1/2කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවූ ලංකාවට හෙරොයින් ගෙන්වන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් හෙවත් ‘කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (28දා) ඇප නියම කළා.රුපියල් ලක්‍ෂ 10ක මුදල් හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු බැගින් වන ශරීර ඇප මත සැකකාර මොහොමඩ් සිද්ධික් නමැත්තා මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව ඔහුට විදේශ ගතවීම තහනම් කරමින් කොන්දේසියක්ද පනවනු ලැබුවා.ඇපකරුවන්ගෙන් එක් අයෙකු ළඟම ඥාතියකු විය යුතු බවට ද විනිසුරුවරයා නියම කළා.

ඇප තැබීමෙන් අනතුරුව මසකට දෙවරක් රහස් පොලීසියේ පෙනී සිටින ලෙසට ද විනිසුරුවරයා විසින් නියම කරනු ලැබුවා.මුදල් විශූද්ධීකරණ පනත යටතේ වන අදාළව වසර 3 1/2කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවන මොහොමඩ් මකීන් මොහොමඩ් සිද්ධික් නමැත්තා මුදාහැරීමට නියම කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ විනිසුරුවරයා සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළා.2014 වසරේ ජනවාරී මාසයේ සිට 2014 වසරේ මැයි මාසය දක්වා වු කාලය තුළ හෙරොයින් ජාවාරම් කිරීමෙන් නිතීවිරෝධී ආකාරයෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් මුදල් විශූද්ධීකරණ පනත යටතේ වසර 3 1/2කට අධික කාලයක් මොහොමඞ් මකීන් මොහොමඩ් සිද්ධික් නමැත්තා රිමාන්ඩ් බාරයේ පසුවුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි නීතීඥ ලක්‍ෂමන් පෙරේරා මහතා සමඟ පෙනී සිටි ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.සිද්ධික් නමැත්තාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කළ ඇප ඇයැදුම්පතේ වගඋත්තරකාර නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ශ‍්‍රමින්ද වික‍්‍රම මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සැකකරු හෙරොයින් ජාවාරම කිරීම සම්බන්ධයෙන් වු සිද්ධියක සැකකරුවකු යැයි ද ප්‍රකාශ කළා.දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට නියම කළා.

සිද්ධික් නමැත්තා වෙනුවෙන් නීතීඥ ලක්‍ෂමන් පෙරේරා මහතා සහ නීතීඥ චින්තක කරුණානායක මහතා සමඟ ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා පෙනී සිටියා.සිරිසේන හා මහින්ද පාර්ශවයේ හිතවතකු මෙන්ම ඔක්තෝබර් 26 පසු පාර්ලිමේන්තුව විසිරවිම ව්‍යවස්ථානු කුල බව නීතිඥ සංගමය පිළිගන්නා බව අනෙකුත් සාමාජිකයන්ගේ එකගත්වයක් නැතිව ප්‍රකාශ නිකුත් කල මොහු අවන්කවම කුඩු ජාවාරම් කරුවන්ට විරුද්දනම් මොවුන්ට ඇප ලබාදීමට ඉදිරිපත්වන්නේ ඇයි. සිරිසේන කුඩු ජාවාරම් කරුවන් එල්ලා මරනවා යයි මාධ්‍යවල බෙරිහන් දුන්නත් ඔහුගේ හිතවත් නීතිඥයන් උන්ගේම නඩුවලට පෙනිසිට ඇප අරන් දීම මේ දේශපාලුවන්ගේ ජනයා ගොනාට ඇන්දවිමේ නාඩගම් තවත් තහවුරු වීමකි.කුමන දේශපාලන පක්ෂ වල වුවත් රන්ජන් රාමනායක නාගනන්ද කොඩිතුවක්කු වැනි චරිත දුෂිත නීතිඥයන පිළිබද කතා කල අතර එව‍ට එරෙහිව ඔවුන්ට නඩුද දැන් වැටි ඇත.

අවන්කවම රට වෙනුවෙන් නීතිඥයන් කතා කරනාවනම් කෝටි ගානක මුදල් පසුපස දමා අපරාධකරුවන් වෙනුවෙන් පෙනී නොසිටිය හැක. එහෙත් ඔවුන්ගේ දරුවන් පිටරට යවා උගන්වන්නේ මන්දිර තනන්නේ යාන වාහන ගන්නේද මේ මුදල් වලිනි. කුඩු කාරයින් නැවත සමාජයට පැමිණ තෙල් බෙහෙත් විකුනන්නේ නැත. අනුන්ගේ දරුවන්ට විෂ විකුණනු ඇත. එවිට සංසාරය පවතින තුරු එහි පව විදවන්න මුදලට එයට අනුබල දුන් මහත්වරුන්ට හා දරුවන්ට පවා විදවන්න වීමනම් වැළකිය නොහැකි. මොන තර්ක දමා මේ ආත්මයේදී බේරුනත් සොබාදහමේ සංසාර කර්මයෙන් කිසිදිනක මෙවන් පව් කාරයන්ට හා දරුවන්ට ගැලවීමක් නැත.

About article14

Check Also

ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ට පළමුවරට ක්‍රිකට් සභාපති වූ පුද්ගලයා හා තේරීම් ප්‍රධානියා නැමැත්තා ප්‍රසිද්දියේ මාධ්‍ය ඉදිරියේ අපහස කරයි

18 වනදා වන විට ලෝක කුසලානයට සහබාගිවන රටවල් වලින් කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම හැර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!