Breaking News
Home / ක්‍රිඩා / පකිස්තාන සංචාරයට සංචිතය නම් කල බෝඩ් එකේ හොරු මාට්ටු

පකිස්තාන සංචාරයට සංචිතය නම් කල බෝඩ් එකේ හොරු මාට්ටු

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ක්‍රියාත්මක වන්නේ තේරීම් කමිටුවක් නොමැතිවයි.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ක්‍රියාත්මක වන අතරවාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වීමට තීරණය කළා. ඒ අනුව ඔවුන්ගේ නිල කාලයට අවසන් වීමට නියමිත වුනේ පසුගිය 7 වැනිදායි. කෙසේ වෙතත් ඊට දින 3 කට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සඳහා මූලික සංචිතයක් ප්‍රකාශයට පත් කළා.

නමුත් හිටපු තේරීම් කමිටු සාමාජිකයන් දෙදෙනෙක් ම තමන් මෙම තේරීම් සඳහා කිසිසේත්ම සම්බන්ධ නොවූ බව අප සමගින් පැවසුවා.
එසේනම් තේරීම් කමිටුවක මැදිහත්වීමෙන් තොරව මූලික සංචිතයක් සඳහා හෝ ක්‍රීඩකයන් තේරුවේ කවුද?
මේ පිලිබඳ කළ වැඩිදුර සොයා බැලීමකදී අනාවරණ වුණේ ක්‍රිකට් ආයතනයේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකුගේ අත්තනෝමතික තීරණයක් මෙලෙස මූලික සංචිතයක් ලෙස එළිදක්වා ඇති බවයි.

එමෙන්ම මේ වනවිටත් අවසන් සංචිතය සඳහා 15 දෙනෙකු තීරණය කර ඇති බවත්ල තේරීම් කමිටුවක් නොමැති නිසා එම ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීමට ක්‍රිකට් බලධාරීන්ට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.

පාකිස්ථානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ සති දෙකක් වැනි කාලයක් පමණයි. හිටපු තේරීම් කමිටුව ඉල්ලා අස්වීමේ ලිපි භාරදී අදට දින 15 ක් ගතවී ඇතත් නව තේරීම් කමිටුවක් නම් කරන්නට බලධාරීන් පියවර නොගන්නේ තම හිතු මනාපයට එම කටයුත්තත් ඉටු කර ගැනීමටද ?

About article14

Check Also

ආර්ජන්ටිනාවට වඩා ප්‍රංශයේ ආරක්ෂක වැට ප්‍රභල නිසා ආර්ජන්ටිනාව ලෝක කුසලානයට ආයුබෝවන් කියයි. ලොව වටිනාම ක්‍රීඩකයා මෙසී ක්‍රීඩාවෙන් සමුගයි

සුපිරි 16 වටය අරභමින් පැවති ප්‍රංශය හා ආර්ජන්ටිනා අතර තරගය අද (30) පළමු තරගය ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!