Breaking News
Home / දේශීය පුවත් / පක්ෂ බේද නොමැතිව තිස්සමහාරාමයට සැලකූ සජිත් තිස්සෙන් පිටව යයි. ගමේ තරුණයෙක් තැබූ සංවේදී සටහන

පක්ෂ බේද නොමැතිව තිස්සමහාරාමයට සැලකූ සජිත් තිස්සෙන් පිටව යයි. ගමේ තරුණයෙක් තැබූ සංවේදී සටහන

පක්ෂ පාට බෙීද නැතිව මේ දේ කියන්නේ….

මට නම් පක්ෂෙන් ලැබුනු දෙයක් නැත..

ඒත් දැකපු දේ තමා කියන්නේ..

අද(11) දින ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා තිස්සමහාරාමයෙන් පිටව ගොස් ඇත…

නමුත් අද එතුමට මඩ ගහන බහුතරයක් එතුමගේ සියලු ආධාර ලාබා ගෙන ඇත….
එතුමා ඔය දුන්නු දේවල්
තමන්ගේ පක්ෂෙට විතරක් අද දීලා තිබුනම් සමහර විට අද මේ දේ නොවෙන්න තිබුණා… පක්ෂ බේදයකින් තොරවයි එතුමා කාටත් සැලකුවේ…..
මොකද….
නිවාස අදිකාරියේ ⁣ජොබ් ගත්ත අය…
නිවාස ආධාර ගත්ත අය..
ණය ආධාර ගත්ත අය…
අද එතුමා වෙනුවෙන් මනාපයක් ලබා දුන්න නම් එතුමා අද මෙහෙම නොයන්න පුලුවන්…

සමහරු කියනවා
එතුමා හැමෝම නය කාරයෝ කරාලු….
කාටවත් බලෙන් ණය දුන්නේ නෑ මිතුරේ….
කල්පනා කරලා බලපන් අද උබලා කෑගහන උන් මිනිහෙක්ට නයක් වත් දුන්නද කියලා…
සිමෙන්ති කොට්ට දුන්නලු ඡන්ද ගන්න
ඒත් මිතුර ආධාර දුන්නේ පක්ෂ බේද නැතුවයි..

දකුණේ පාසල් ගණනාවකට
බස් රථ දුන්නා…
වතුර ෆිල්ටර් දුන්නා …
ඒ පාසල් වලට යන්නේ එතුමගේ පක්ෂේ අයගේ දරුවන් විතරමද …..?

කල්පනා කරලා බලලා
මිනිහෙක්ට මඩ ගහපන් මිතුරේ….

ඡන්දේ අද තිබුනා හෙට ඉවරයි …
පටි දාන උන් පාටි දාවි.. දුක් වෙන උන් දුක් වෙයි..
ඡන්දයක් නිසා කෙල ගන්නේ නැතුව හොදින් කතා කරපල්ලා උන් ඡන්දෙන් දිනලා උන්ගේ බඩ ක⁣ට පුරව ගනිද්දි උබලට තේරේයි උබලා ගහ මරාගත්තේ මොනාටද කියලා ….

පක්ෂේ ඉන්නේ හොරු වෙන්න පුලුවන්….
ඒත් එතුමා මේ තිස්සමහාරාමයට කරපු සේවය කාටවත් කරන්න බැරි වෙයි….

උබලා අද ඔය කෑ ගහන අය…
ණය ආධාරයක් හරි දුන්නද…
ගෙයක් හදාගන්න ඉඩමක් දීලා තියේද?.
මේ දකුණේ එක පාසලකටවත්
බස් රථයක් දීලා තියෙනවද…
අඩු පඩියකට හරි
මෙච්චර රැකියා දීලා තිබෙනවද ….

කල්පනා කරපන්
පක්ෂ බෙිද නැතුව එතුමා කරපු දේවල් ගැන..

Sajan Sandaruwan

About article14

Check Also

සිරිසේන ජනපති දෙවන විශ්වාස බංගයත් පිලි නොගනී. දෙමල සන්ධානය මුණගැසීමට එන්න කියයි. අපේ ස්ථාවරේ වෙනසක් නැ සම්බන්දන් කියයි

ඊයේ (16) පාර්ලිමේන්තුවේදී විශ්වාසය බංගයක් සම්මත කල වග කතානායක දැනුම් දුන්නත් එය පිළිනොගන්නා බව සිරිසේන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!