Breaking News
Home / දේශීය පුවත් / පක්ෂ දේශපාලනේ කුහකකමට 1990 ගිලන්රථ සේවාව ඉන්දියන් කාරයින් වැඩට ගේන උගුලක් කිව්වට එහි ඇති ප්‍රයෝජනය මහපොලවේ දකිනහැටි

පක්ෂ දේශපාලනේ කුහකකමට 1990 ගිලන්රථ සේවාව ඉන්දියන් කාරයින් වැඩට ගේන උගුලක් කිව්වට එහි ඇති ප්‍රයෝජනය මහපොලවේ දකිනහැටි

වේලාව: සවස 03.50 පමණ
දිනය: 15.01.2018..
බොරැල්ල හන්දියට ආසන්න ටිකල් පාර අසල

මේ සිද්ධිය නිසා බොහෝ දේ හිතට ආවත්, ඒවා ගැන කියන්නවත්, කිසිම දෙයක් ප්‍රවර්ධනය කරන්නවත් නෙවෙයි, යමක් හිතන්නට ඉඩ හරින අදහසින් මේ සටහන තියන්න හිතුවා.

බොරැල්ල හන්දියෙන් කොටා පාර දිගේ පා ගමනේ ගිය මට දුරදිම දකින්න ලැබුනෙ ත්‍රිරෝදයක් නතර කරගත් රියදුරු තරුණයෙකුත් තවත් පුද්ගලයෙකුත් බිම වැතිර සිටි වියපත් අයෙකුට වාරු දී කෙලින් සිටුවාලීමට දරන උත්සාහයක්. ආසන්නයට ගිය විට දැනගන්නට ලැබුනෙ ඔහු බිම වැටී ඇති බවයි. තරමක් ‘සප්පායම්’ වී ඇති බවක් පෙනෙන්නට ඇති බව පැවසු, සහයට ආ දෙන්නා, ආරක්ෂා සහිතව පදික වේදිකාව මත ඔහුව වාඩිකර ඉවත්ව ගියා.

ඒත් දකින්න ලබුනෙ ඔහුගේ නලලින් ලේ ගලා යන බවයි. නැවතත් ඔහු පොලොවෙ වැතිරුණා. කරකියාගන්නට දෙයක් නැතුව වටපිට බලපු මට පාරෙ අනෙක් පැත්තේ බර කතාබහක යෙදෙමින් බොරැල්ල හන්දිය දිහාවට පියනගින ‘පොලිස් මහත්තුරු’ දෙන්නෙක් දකින්නට ලැබුණු නිසා දැනුනෙ තරමක අස්වැසිල්ලක්. වහාම පාර හරහා ගිය මම ඔවුන් දෙදෙනාට ලංවී “මහත්තයා” යැයි අමතමින් ම මේ මහලු පුද්ගලයා ඉන්න අනතුරුදායක තත්ත්වය පැහැදිලි කරමින් ඒ ගැන බලන්නැයි ඉල්ලීමක් කළා.

“ඇම්බියුලන්ස් එකට කියන්න… අපි පොලිසියට යනවා..” කියූ ඒ දෙදෙනා ආ ගමන යන්නට ගියා. ටිකකට මාව අන්දුන්කුන්දුන් වෙලා ගියත් නිකමට වගේ ඔලුවට ආවෙ නැසී ගිය ප්‍රවීණ ගායක එම් එස් ප්‍රනාන්දු මහතාගෙ “රාලහාමි මං පොලිසියෙ රාලහාමි මං…. මහජනයගෙ හිතවතානෙ මං..” ඔන්න ඔයවගේ වචන ටිකක් තියෙන ගීතයයි. කොහොම උනත් ඒක සිංදු කියන්න වෙලාවක් නොවෙන නිසා ඒ “මහත්තුරු දෙන්නගෙ” උපදෙසත්, වගකීමකුත් හිතට අරගෙන 1990 ගිලන් රිය සේවයට ඇමතුවා. අපරාදෙ කියන්න බැහැ, කියූ ආකාරයට විනාඩි 5ක් යන්නත් කලින් එතැනට ආ ඔවුන්ට ස්තුතිය එක්කම ඉතිරි වැඩේ භාරදීලා මං එන්නට හැරුණා.

සංගීත් කළුබෝවිලගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක ඇසුරෙන්

Image may contain: one or more people, shoes and outdoorImage may contain: one or more people and outdoorImage may contain: one or more people and outdoorImage may contain: one or more people, people standing, shoes and outdoorImage may contain: one or more people and outdoor

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!