Breaking News
Home / දේශීය පුවත් / පක්ෂය සමගි කරන්න රනිල් ගත් උත්සාහයට සජිත් පයින් ගසයි

පක්ෂය සමගි කරන්න රනිල් ගත් උත්සාහයට සජිත් පයින් ගසයි

එක්සත් ජාතික පක්ෂ නායකත්වය බාර ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසුරිය මහතා වෙත යෝජනා කර ඇත. පක්ෂය බෙදි වෙන්වෙන්නට නොදි රැක ගන්නට මෙන්ම සිංහල බෞද්ධ පදනම ආරක්ෂා කර ගත හැකි පුද්ගලයා ලෙස පක්ෂ නායකත්වය බාර ගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මෙම යොජනාව කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම යොජනාව කර ඇත්තේ පක්ෂය සමගි කොට ඉදිරියට යාම සම්බන්දයෙන් කතානායක නිල නිවසේ පැවැති සාකච්ඡාවකදීය මෙම සාකච්ඡාවට පක්ෂයේ හිටපු නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කර තිබුනද අසනීපයෙන් පසුවන නිසා පැමිණිය නොහැකි බව ඔහු දන්වා තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා හිතා මතාම මෙම සාකච්ඡාව මග හැර ඇති බව පක්ෂ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු කීවේය.මේ වන විට කිසිවෙකු හමු නොවී නිවසට වැදි සිටින සජිත් ප්‍රේමදාස වැනි නායකයෙකු සමග ඉදිරියට යන්නේ කෙසේදැයි පක්ෂ සාමාජිකයෝ ප්‍රශ්න කරති. සජිත් ප්‍රේමදාස මහතා සමග අලුත් පක්ෂයක් පිහිටුවීමට සුදානම් වන පිරිස අතරින් කොටසක්ද මේ වන්විට අපේෂාභංගත්වයට පත්ව ඇත

කෙසේ වෙතත් හරින් ප්‍රනාන්දු, අජිත් පෙරේරා, තිස්ස අත්තනායක, සුදත් චන්ද්‍රසේකර යන අයගේ රූකඩයක් වී ඇති සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේදී වෙන්ස්ම පක්ෂයක් පිහිටුවනු ඇතැයි දේශපාලන වාර්තා කරුවන් පවසයි.

එසේම මීලග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් තනතුරට හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ ආසියානු කලාපය වෙනුවෙන් යෝජනා කිරීමට සුදානමක් ඇතියි වාර්තා වන අතර එසේ යෝජනා වුවොත් ලංකාවේ දැනට සිටින ජාත්‍යන්තර සම්බන්ධකම් ඇති රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස ප්‍රභල රටවල සහයෝගය ලැබීමට නියමිත බවයි ජාත්‍යන්තර දේශපාලන මුලාශ්‍ර වාර්තා කරන්නේ
.
එසේම වපක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ පිළිගන්නා බව කතානායක ටුවිටර් පණිවිඩයකින් දන්වා ඇති අතර නායකත්වය ආකර්ශනීය උගත් බුද්ධිමත් තරුණ නායකයකුට ලබා දීමට නියමිත බවද ආරංචිමාර්ග සදහන් කරයි.

About article14

Check Also

දයාසිරි ශ්‍රීලංකා නිදහස් පක්ශයේ නායක කම ගන්න කුරුණෑගල තනි මනාප ගන්න කුමන්ත්‍රණයක

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ශ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් අද දින දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!