Breaking News
Home / දේශීය පුවත් / නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට එන 2019 අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක් සහ නව බදු ආරංචියක්

නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට එන 2019 අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක් සහ නව බදු ආරංචියක්

එළඹෙන නොවැම්බර් මස 05 වනදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවී විසින් ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයින්ට වැටුප් වර්ධකයක් හිමිවන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව රුපියල් 1000 ත් 1500ත් අතර වැටුප් වර්ධකයක් හිමිවනු ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ. එසේම වැටුප් වර්ධකයට සමගාමීව විශ්‍රාම වැටුප් අනුපාතද සංශෝධනය කරනු ඇති බවද සඳහන්.

2015 වසරේදී වත්මන් රජය බලයට පත්වූ පසු රුපියල් දසදහසක වැටුප් වර්ධකයක් රාජ්‍ය සේවකයන්ට හිමිවූ අතර ඉන් අනතුරුව වසර තුනකට පසු නැවතත් මෙලෙස වැටුප් වර්ධකයක් ලබා දීමට රජය තීරණය කර ඇත්තේ පවත්නා පීඩාකාරී ආර්ථික තත්ත්වයට සහනයක් ලෙස බවයි පැවසෙන්නේ.

මීට අමතරව මේ වන විට අධික බදුබරක් පැනවී ඇති ඉදිකිරීම් අංශය, හෝටල් ක්ෂේත්‍රය හා කෘෂි අංශය සඳහා බදු සහන සමඟ නව බදු අනුපාත නියම කෙරෙනු ඇති බවද වාර්තා වනවා.

About article14

Check Also

හතුරුසිංහ පුහුණුකාර දුරයෙන් ඉවත් කිරීමට කණ්ඩායමේ විරෝධය දක්වලා

ලෝක කුසලාන තරග මාලාවේ ලැබූ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය ඉවත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!