Breaking News
Home / දේශීය පුවත් / නීතිපති ජනාධිපති හරි කියද්දී ව්‍යවස්ථාව රැකදුන් නලින් පෙරේරා මහතා ලංකා ඉතිහාසයේ විධායක ජානාධිපතිට එරෙහිව තීන්දුවක් දුන් පළමු ඉතිහාසගත අගවිනිසුරුතුමන් ගෙදර යයි

නීතිපති ජනාධිපති හරි කියද්දී ව්‍යවස්ථාව රැකදුන් නලින් පෙරේරා මහතා ලංකා ඉතිහාසයේ විධායක ජානාධිපතිට එරෙහිව තීන්දුවක් දුන් පළමු ඉතිහාසගත අගවිනිසුරුතුමන් ගෙදර යයි

අගවිනිසුරු නලින් පෙරේරා මහතා මෙම මස 28 වෙනිදා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබෙනවා. ඒ වෙනුවෙන් අද (05) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී අගවිනිසුරුවරයා වෙනුවෙන් සමුගැනීමේ උත්සවයක් පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 12 වෙනිදා මෙරට 46 වන අගවිනිසුරු ලෙස දිවුරුම් දුන් නලින් පෙරේරා මහතා මෙරට අධිකරණ ඉතිහාසයේ ඓතිහාසික නඩු තීන්දුවක් ලබාදුන් අගවිනිසුරුවරයෙක් ද වනවා.ඒ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ඉකුත් නොවැම්බර් මස 10 වෙනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කරන ලද පෙත්සම් විභාගයේ මුලසුන හොබවමින් එම ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරමින් ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුව නිසාවෙනි.

නීතිඥවරයෙක් වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයෙක් වශයෙන් සිය විනිසුරු දිවිය ආරම්භ කළ වත්මන් අගවිනිසුරුවරයා මෙරට අධිකරණ ඉතිහාසයේ සිටින අත්දැකීම් බහුල විනිසුරුවරයෙක් ද වනවා.

එසේම නැවත මෙතුමන් විශ්‍රාම යාමෙන් පසු සිරිසේන ජනාධිපතිගේ දුරකාලය අවසන් වන්නේ ජනවාරි 8 ද මැයි 1 ද යන්න විමසීමට අධිකරණයට යා හැකි බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ. එසේම ඉතිහාසගත තීන්දුවක් ලබාදුන් අගවිනිසුරු තුමන්ට සේවා දිගුවක්ද ලබා දී නැ

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!