Breaking News
Home / දේශීය පුවත් / නි. කතානායකගේ දුරය අවබාවිතා කලා යයි සුමතිපාලට හා ඇමතිකම් දරමින් ආණ්ඩුවට විරුද්ධ වූ ජුදාස්ලට එරෙහි විශ්වාස බංග දෙකක් එජාපෙන්

නි. කතානායකගේ දුරය අවබාවිතා කලා යයි සුමතිපාලට හා ඇමතිකම් දරමින් ආණ්ඩුවට විරුද්ධ වූ ජුදාස්ලට එරෙහි විශ්වාස බංග දෙකක් එජාපෙන්

ඊයේ (4) විශ්වාස බන්ගයට පක්ෂව කටයුතු කල නි. කතානායක දුරය දරන ක්‍රිකට් සබාපති තිලංග සුමතිපාලට එරෙහි විශ්වාස බන්ගයක් හා ආණ්ඩුවේ සිට ආනුවට එරෙහි වූ ඇමතිවරු සියල්ලට එරෙහි තවත් විශ්වාස බන්ගයක් ගෙන ඒමට එජාපය තීරණය කර තිබෙනවා.

විශ්වාස බන්ගය විවාදයට පෙරම එජාපය විරෝධය දැක්වුයේ පාර්ලිමේන්තුවේ නි. කතානායක ස්වාධින විය යුතු යන්නයි. එහෙත් එය ඊයේ දිනයේදී පවා ප්‍රතික්ෂේප කල සුමතිපාල කියා සිටියේ ඔහුට පුද්ගලික දේශපාලනයක් ඇති බවයි.

විශ්වාස බන්ගය ජයග්‍රහණයෙන් පසු පාර්ලිමේන්තු ලොබියේදී එජාපයේ ප්‍රබලයෙක් වන නවින් දිසානායක සුමතිපාලට පහර දීමට ගිය වගක් සදහන් වන්නේ මෙම ස්වාධින බව ප්‍රශ්නය මුල් කරගෙනයි.

එසේම ආණ්ඩුවට එරෙහි වූ ආණ්ඩුවේ ඇමතිවරු 16 ඉල්ලා අස් නොවන බවත් එය ජනාධිපතිවරයාගේ දුන් දෙයක් බවත් එජාපය දුන් දෙයක් නැති බවත් හිරිකිතයක් නොමැතිව කුජිත කතාවක් එස් බි සහ දයාසිරි කිවේ රෙදි සළුපිලි ඇඳගෙනයි.

තවද ඔවුන් ඉවත් කරන්නයි ඉල්ලා අත්සන් 33 ක ලිපියක් එජාප පසුපෙළ බාර දුන්නේ මොවුන් ඉවත් කරන ලෙසයි. එහෙත් ජනාධිපතිවරයා නැවත තමාගේ වැනෙන ප්‍රතිපත්තිය මත කට්ටි පනින නිසාත් අගමැති රනිල් ගෙදරට ඇවිත් යමෙකු පොලු පහරක් ගැසුවත් ඉවසා සිටින අනවශ්‍ය හික්මීමක් පෙන්වන අයෙක් නිසාත් ආණ්ඩුවේ වරප්‍රසාධ බුක්ති විදිමින් ආණ්ඩුවට වල කපන ජුදාස්ලට එරෙහි විශ්වාස බන්ගයක් හෙට ගෙන ඒමට එජාප මන්ත්‍රී කණ්ඩායම සුදානම් වෙයි.

ජනතාවට වීරයන් මෙන් විමුක්තිය පෙන්වන මෙම විලි ලජ්ජා නැති පුද්ගලයන් තමන්ගේ තනතුරු ඇත නොහැර වෙන අයගේ තනතුරු ගලවා ගෙදර යැවීමට උත්සහා කිරීම නින්දා සහගත කරුණකි. මොවුන්ට රට ඉදිරියේ දේශපාලන වශයෙන් කිසි ලැජ්ජාවක් නැති තුච්ච දේශපාලනයක් කරමින් වීරයන් සේ උඩු බුරමින් සිටීම කලකිරීමට කරුණකි.

About article14

Check Also

වයස 80 රාජ්‍ය භාෂා ඇමති පපයා ඇමති වෙලා සතියයි අධිකරණ ඇතුලේ ගහගන්න යයි. ඔන්න මුන්ට පැය ගානකට බලය ලැබුනත් හැසිරෙන විදිය.

කවුද යකෝ මේ අධිකරණෙ මට හු කියන්න ඉන්න එකා – වාසු මුත්තා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!