Breaking News
Home / දේශීය පුවත් / නිහඬ වූ එජාපයේ ඉදිරි දේශපාලනය තීරණය කරන වාර්තාව රුවන් හදයි

නිහඬ වූ එජාපයේ ඉදිරි දේශපාලනය තීරණය කරන වාර්තාව රුවන් හදයි

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන ගමන් මාර්ගය සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් යෝජනා ඇතුළත් සම්පූර්ණ වාර්තාව පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබන සතියේ දී භාරදීමට නියමිතය.

මෙම වාර්තාව සකස් කෙරෙන්නේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේය.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ,හිටපු තානාපති කරුණාසේන කොඩිතුවක්කු ,හිටපු අමාත්‍ය සාගල රත්නායක සහ සිරිකොත විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් යන මහත්වරු වාර්තාව කෙටුම්පත් කිරීමේ කාර්යයේ යෙදී සිටිති.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක ,හිටපු අමාත්‍ය වජිර අබෙිවර්ධන සහ අර්ජුන රණතුංග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංදිත් සමරසිංහ මහාචාර්ය ආශු මාරසිංහ මහත්වරුන්ගේ අදහස් ද අවසන් වාර්තාව සඳහා ලබාගන්නා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දීමක් කර තිබේ.

පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ඇතුළත් වාර්තාව සැකසීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

About article14

Check Also

නවසිලන්ත සංචාරයට නවසීලන්තයට ගිය පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 දෙනෙක්ට කොරෝනා පොසිටිව් වෙයි

නවසිලන්ත සංචාරයට සහභාගිවන පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 කට කොරෝනා වලදී ඇති බව දැන් ජාත්‍යන්තර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!