Breaking News
Home / දේශීය පුවත් / නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති වී නිදහස් පක්ෂේ නායකයාවී පසුව පොහොට්ටුවට පැන්න සිරිසේන දැන් ස්වාධින වෙන්න යනවලු

නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති වී නිදහස් පක්ෂේ නායකයාවී පසුව පොහොට්ටුවට පැන්න සිරිසේන දැන් ස්වාධින වෙන්න යනවලු

අද උදෑසන ජනාධිපතිවරයා සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් අතර පැවති හමුවේදී තමන් මින් ඉදිරියට කිසිදු පක්ෂයක් හා සම්බන්ධ නොවෙමින් ස්වාධීනව දේශපාලනයේ නියැලීමට තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත ප්‍රකාශ කර තිබේ.

පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයන් ද්විත්වයේදී මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සහ ඒ පිළිබඳව එල්ල වී ඇති ජනතා විරෝධය සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්ව සිටින බැවින් ස්වාධීනව කටයුතු කිරීම කෙරෙහි සිය අවධානය යොමුකල බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

සිදුවූ ආණ්ඩු වෙනස පිළිබඳව නොතකා රාජ්‍ය සේවයේ කාර්‍ය සහ කර්තව්‍යය සාමාන්‍ය පරිදි ඉදිරියට ගෙනයන ලෙසත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ආයතන සංග්‍රහයට සහ පොදු නීතින්ට අනුකූලව කටයුතු කරන ලෙස එහිදී ජනාධිපතිවරයා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස ලබාදී ඇත.

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!