Breaking News
Home / දේශීය පුවත් / නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද(14)පස්වරුවේ පැවැත්වෙි.

එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වී පවතින නියෝජ්‍ය නායක සහ සභාපති තනතුරු කඩිනමින් සම්පූර්ණ කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර උපදෙස් දෙනු ලැබූ අතර එම තනතුරු සඳහා වන යෝජනා සම්බන්ධයෙන් සලකා බැලීම මෙම කෘත්‍යාධිකාරී  මණ්ඩල රැස්වීමේ දී සිදුවනු ඇතැයි පක්ෂයේ ජේෂ්ඨ  ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය .
පක්ෂ මහලේකම් ධුරය ද පූර්ණ කාලීන තනතුරක් ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පක්ෂ අභ්‍යන්තර යෝජනා සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

අදාල තනතුරු සම්බන්ධයෙන් පක්ෂයේ සියලුම දෙනාගේ එකඟතාවය පළ වූ සැනින් පත් කිරීම් සිදුකරන බව සිරිකොත ජ්‍යෙෂ්ඨ  ප්‍රකාශකයෙක් පැවැසීය.

ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිතව ඇති විසි වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ද දීර්ඝ විශ්ලේෂණයක් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සිදුකිරීමට නියමිතව ඇතැයි  සිරිකොත ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට පස්වරු 3.30 ට සිරිකොත මූලස්ථානයේ දී රැස් වෙයි.

About article14

Check Also

නවසිලන්ත සංචාරයට නවසීලන්තයට ගිය පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 දෙනෙක්ට කොරෝනා පොසිටිව් වෙයි

නවසිලන්ත සංචාරයට සහභාගිවන පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 කට කොරෝනා වලදී ඇති බව දැන් ජාත්‍යන්තර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!