Breaking News
Home / පුවත් සාරාංශ / නියෝජ්‍ය නායක පත් කිරීමට රනිල් තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා නැ

නියෝජ්‍ය නායක පත් කිරීමට රනිල් තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා නැ

එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය නායක ධුරය සඳහා නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා වැඩි ඡන්ද 18 කින් ඊයේ(14) තේරී පත්විය .

ඡන්ද විමසීම කෙරුනේ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ය .

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් හතලිස් දෙනා අතුරින් 28 දෙනෙකු රුවන් විජයවර්ධන මහතා නියෝජ්‍ය නායක ධුරයට පත් කිරීම සඳහා ඡන්දය දුන් අතර ඔහු සමග තරග කළ එජාප උප නායක රවී කරුණානායක මහතාට හිමිවූයේ ඡන්ද දහයක් පමණි .

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දය දීමෙන් වැළකී සිටි අතර හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී නොවන බව කලින්ම දැනුම් දී තිබුණාය .

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නියෝජ්‍ය නායකයෙකු පත්කර ගැනීම කඩිනමින් කළ යුතු බවට අදහස් පළ වූ අවස්ථාවේ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා මෙන්ම පක්ෂ උප නායක රවී කරුණානායක මහතාද ඊට ඉදිරිපත් වන බව ප්‍රකාශ කළහ.

ඒ අවස්ථාවේදී රහස් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවන බව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මුලසුන හෙබවූ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ය .

කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් වන පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක,ලක්ෂ්මන් විජේමාන්න සහ අනෝමා ගමගේ මහත්ම මහත්මීන් අදහස් පළකරමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි විවේචනයට ලක් කල අතර “නායකතුමා නිසා සියල්ල අහිමි වූ බව” ඔවුහු ඔවුහු කියා සිටියහ .

“අපි ඔක්කොම දැන් යා යුතු යැයි ද” ඔවුහු අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියහ. ඕනෑම අවස්ථාවක පක්ෂයෙන් යෑමට තමා සූදානම් වුවද ඉන් පසුව පක්ෂය ගෙන යන්නේ කවුදැයි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ වෙනස්කම් උඩින් පටන්ගෙන යටට හෝ යටින් පටන්ගෙන උඩට හෝ කළ යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

අනතුරුව පක්ෂයේ නියෝජ්‍ය නායකධුරය තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම පැවැත්වුණු අතර රුවන් විජේවර්ධන මහතා වැඩි ඡන්ද 18කින් රවී කරුණානායක මහතා පරදවා නියෝජ්‍ය නායක ධුරයට පත්වීම පත් වීම විශේෂත්වයක් විය .
රුවන් විජේවර්ධන මහතාට පෙර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙහි කටයුතු කළේ වත්මන් විපක්ෂ නායක සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ය .

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධුරයට පත් රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ නිර්මාතෘ ඩී .එස් සේනානායක මහතාගේ මුනුපුරකු වීමද විශේෂත්වයකි. ඊට අමතරව රුවන් විජයවර්ධන මහතා වත්මන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බෑණනුවන් ද වෙයි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය සම්පූර්ණ කළ රුවන් විජයවර්ධන මහතා ඉන් පසුව එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය හදාරා ශාස්ත්‍රවේදී උපාධිය ලබා ඇත.

2009 වසරේ බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ රුවන් විජයවර්ධන මහතා 2010 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට පැමිණියේය.

එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වී පවතින සභාපතිධුරය ඇතුළු සෙසු තනතුරු සඳහා පත් කර ගැනීම් ඊළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සිදු කිරීමටද එකඟතාවයකට පැමිණ තිබේ.

About article14

Check Also

20 හැදුවේ අලි සබ්‍රිද දන්නේ ඉදිරිපත් කලේ නම් එයා තමයි, අළුත් ගැසට් එකක් ආයේ ගහනවා – ඇමති විමල්

ආණ්ඩුව විසින් මේ වනවිට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කළේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!