Breaking News
Home / දේශීය පුවත් / නිමල් සිරිපාල අගමැති කිරීමේ කුමන්ත්‍රණය අළුත් මුහුණුවරකින් බැදුම්කර රවීට මුදල් ඇමතිකම දී 10 ක සහය ගන්න සාකච්චාවක්

නිමල් සිරිපාල අගමැති කිරීමේ කුමන්ත්‍රණය අළුත් මුහුණුවරකින් බැදුම්කර රවීට මුදල් ඇමතිකම දී 10 ක සහය ගන්න සාකච්චාවක්

2015 ජනවාරි 8 හොරු ලෙස සලකමින් පාලන බලය ලබාගත් ජානාධිපතිවරයා නව ආණ්ඩුවක් පිහිටවීමට නැවත එම චෝදනා එල්ල කල පාර්ශවය හා බැඳුම්කර කොමිසමෙන් වැරදිකරුවකු බව ජනාධිපතිවරයාම කියූ රවී කරුණානායක මහතා සමග ශ්‍රීලනිප ආණ්ඩුවක් සැදීමට නැවත වෙනත් මුහුණුවරකින් සුදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

දුෂිතයන් සමග ආණ්ඩු නොකරනවායි පැවසු ජනාධිපතිවරයා තමන් විසින්ම දුෂිතයයි පැවසු පාර්ශව දෙක සමගම ආණ්ඩුවක් සැදීමට මේ වන විට දැඩි උත්සාහයක නිරත වන බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ. ඒ බැදුම්කර කොමිසමෙන් වරදකරුවකු බව ජනාධිපතිවරයාම පැවසු රවී කරුනානායක මහතාට ශ්‍රීලනිප ආණ්ඩුවේ නැවත මුදල් ඇමතිකම දී ඒ වෙනුවට ඔවුන්ගේ බහුතරය සාදා ගැනීමට එජාපයෙන් තවත් 10 ක් පිල් මාරු කරවීමට එකගත්වය මත මෙම එකගත්වයට පැමිණීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.

අද දිනයේ වත්මන් අගමැතිවරයා කිසිදු ගැටළුවක් නැති බව පැවසුවත් ජනාධිපතිවරයාගේ පාර්ශවය නව ආණ්ඩුවක් සැදීමේ බලාපොරොත්තුව තවමත් අත්හැර නැතයි පැවසෙන්නේ. ඒ අනුව රටේ යම් අස්ථාවරත්වයක් පවතින නිසා ආර්ථිකය හා රුපියලේ අගය අස්ථාවර වීම තවමත් නතර වී නැ. අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් පසු යම් ස්ථාවර තත්වයක් රටේ ඇතිවූ නමුත් මෙවන් දේශපාලන කුමන්ත්‍රණ ක්‍රියාත්මක වීමෙන් නැවත රට අස්ථාවර වන බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.

lankaroom

About article14

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!