Breaking News
Home / දේශීය පුවත් / නිදහස් පක්ෂ රැස්වීමෙන් පසු කතානායකගේ ලිපිය ජනාධිපති පිළිනොගනී ජනාධිපතිගේ ආරාධනාව සියලුම විපක්ෂයේ පක්ෂ නායකයෝ ප්‍රතික්ෂේප කරයි

නිදහස් පක්ෂ රැස්වීමෙන් පසු කතානායකගේ ලිපිය ජනාධිපති පිළිනොගනී ජනාධිපතිගේ ආරාධනාව සියලුම විපක්ෂයේ පක්ෂ නායකයෝ ප්‍රතික්ෂේප කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (15) පෙරවරු 08.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැඳවා තිබූ පක්ෂ නායක හමුව ප්‍රතික්ෂේප කිරීමට ඊයේ විශ්වාසබන්ගයට සහය දුන් සියලු පක්ෂ තීරණය කර තිබේ.

එසේම 26 පත්වූ ආණ්ඩුව හා අගමැති එලෙසම බහුතරයක් ඇතත් නැතත් පවත්වාගෙන යන බව එම පාර්ශවයේ වාසුදේව පවසයි. මේ අර්බුධය නිම නොවන එකක්වන අතර විශාල විනාශයක් රටටත් පිල් බෙදුන ජනතාවටත් ගෙන ඒමට බොහෝ ඉඩ කඩ ඇතැයි දැන්නම් පෙනී යයි.

ඊයේ (14) පාර්ලිමේන්තුවේ සිදු වූ දෑ පිළිබඳව කථානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා විසින් කථානායකවරයා වෙත යවා ඇති ලිපිය පදනම් කරගෙන මෙම තීරණය ගෙන ඇත.

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළයුතු ආකාරය සහ එය සම්මත කර ගැනීමට අනුගමනය කළයුතු ක්‍රියාපටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල සඳහන්ව ඇති නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් යන සියල්ල නොසලකා හරිමින් කතානායකවරයා කටයුතු කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි තමන් විසින් අගමැතිවරයෙකු පත්කිරීමේදී පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අගමැතිවරයා ලෙස පත්කිරීමට විධිවිධාන ඇති නමුත් අගමැතිවරයාට හෝ ආණ්ඩුවට බහුතරයක් ඇති බව හෝ නැති බව පෙන්වීමේ අවශ්‍යතාවක් හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් නොමැති බවත් ජනාධිපතිවරයා සිය ලිපිය මඟින් දැනුම් දී තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තුව විසින් නිසිලෙස සහතික නොකළ අත්සන් ලේඛනයක් තමන් වෙත යොමු කරමින් අදාළ යෝජනාව සම්මත වූ බවට කරුණු තහවුරු කිරීමට ගෙන ඇති උත්සාහය පිළිබඳ කණගාටු වන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන්නේ.

තමන් විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයන්හි ව්‍යවස්ථානුකූලභාවය නිර්ණය කිරීමට පාර්ලිමේන්තුව උත්සහ දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරී ඇති තනි සහ අනන්‍ය බලය අතික්‍රමණය කිරීමක් බවද හෙතෙම අවධාරණය කර තිබේ.

විශේෂයෙන් අගමැතිවරයෙකු පත්කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පූර්ණ බලධාරියා වන්නේද ජනාධිපතිවරයා බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේවෙතත් කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය අභියෝගයට ලක්කිරීමක් හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩ කිරීමක් හෝ කර නැති නිසා ජනාධිපතිවරයාගේ ලිපිය පිළිගත නොහැකි හෙයින් සියලුම පක්ෂ ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිතව තිබූ හමුව ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම තීරණය පළමුවෙන්ම ගනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ වන අතර ඒ මඟ යමින් සෙසු පක්ෂද හමුව වර්ජනය කිරීමට තීරණය කර ඇත.

ජනාධිපතිවරයා කථානායකට යොමු කළ ලිපිය

speaker letter

speaker letter 2

About article14

Check Also

අවුරුදු 30 ක් සැලසුම් කල යාපනය ගුවන්තොටුපල මාස 6 න් හදපු හැටි

වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!