එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නොගතහොත් ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්දයෙන් මාර්තු 01 වැනිදා තීරණය කරන බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
එම තීන්දුව ගැනීමට 15 දෙනෙකු පමණ සිටින බවද ඒ මහතා කියා සිටියේ හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහනට එක්වෙමිනි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩවක් බිහිවීම ජනාධිපතිවරයා විසින් නැවැත්වූ බවත් කී ඔහු ඊට හේතුව වූයේ අගමැතිවරයා රැුක ගැනීමට ජනාධිපතිවරයාට තිබූ උවමනාව බවද කීවේය.
කල උදවුවට ගෙවපු ණය හොදටම ඇති යයිද වැඩි දුරටත් ඔහු සදහන් කලේය.