Breaking News
Home / දේශීය පුවත් / නිදහස් පක්ෂේ 26 පිල රනිල් හමුවෙයි. ආණ්ඩුවේ ඉන්න බව ඔවුන් කියයි. ඉවත් කල 16 ගමුදැයි රනිල්ගෙන් අසයි

නිදහස් පක්ෂේ 26 පිල රනිල් හමුවෙයි. ආණ්ඩුවේ ඉන්න බව ඔවුන් කියයි. ඉවත් කල 16 ගමුදැයි රනිල්ගෙන් අසයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡාවක නිරතවී තිබෙනවා.

ඔවුන් ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇත්තේ තමන් ඉදිරියටත් ජාතික ආණ්ඩුවේ රැඳී සිටින බවයි.

පසුව ඔවුන් අග්‍රාමාත්‍යවරයා හමුවූ අතර, එහිදී ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාව යළි ආණ්ඩුවට සම්බන්ධ කරගන්නා ලෙස ඉල්ලා සිටි බව එම හමුවට එක්වූ රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වසභංග ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ නිදහස් පක්ෂයේ 26 දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ.

මහින්ද අමරවීර, සරත් අමුණුගම, නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, ෆයිසර් මුස්තාෆා, මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, විජිත් විජයමුණි සොයිසා සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න මෙලෙස සභාවේ නොසිටි කැබිනට් අමාත්‍යවරුන් අතරට ඇතුලත්.

රාජ්‍ය අමාත්‍යවරුන් වන පියසේන ගමගේ, මොහාන් ලාල් ගේ‍්‍රරු, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ඒ.එච්.එම්. ෆවුසි, ශ්‍රිියානි විජේවික්‍රම මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, සාරතී දුෂ්මන්ත, මනූෂ නානායක්කාර, ඉන්දික බණ්ඩාරනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, මුත්තුසිවලිංගම්ද ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ.

එමෙන්ම නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන කාදර් මස්ථාන්, මලිත් ජයතිලක, ආරුමුගම් තොන්ඩමන්, වීරකුමාර දිසානායක සහ අංගජන් රාමනාදන් ද මෙලෙස සභාවේ නොසිටි පිරිස අතර වනවා.

About lanka

Check Also

ජනාධිපති තවම ඉන්දියාවේ. අගමැති හා විපක්ශ නායක අදාල ස්ථාන වලට යයි

අද පෙරවරුවේ බෝම්බ පිපිරවීම් සිදුවූ ස්ථාන කිහිපයකට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි වත්මන් තත්ත්වය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!