Breaking News
Home / දේශීය පුවත් / නිදහස් පක්ෂේ වඩේ චාමර ගුරුවරිය දනගස්වලා ඒක වහන්න හිරු දෙරණ වාර්ථාකරු මයික් බලෙන් අල්ලලා වොයිස් කට් අරන්

නිදහස් පක්ෂේ වඩේ චාමර ගුරුවරිය දනගස්වලා ඒක වහන්න හිරු දෙරණ වාර්ථාකරු මයික් බලෙන් අල්ලලා වොයිස් කට් අරන්

බදුල්ලේ දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය දණගස්වා ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක හා පළාත් නිලධාරියා කළ අතවරය

“ මට තර්ජනය කර බලපෑම් කළා. මහ ඇමතිට විරුද්ධව සාක්ෂි දෙන්න එපා කියලා පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක් කිව්වා. මගේ කට උත්තරය ලියලා දුන්නේ ඌව පළාතේ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙක්“
මරණ තර්ජන වලට බියේ සැඟව සිටි බදුල්ල දමිල විද්‍යාලයේ විදුහල්පතිනිය කට අරියි.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දිසානායක මහතා විසින් තර්ජනය කොට බැණ වැදී දණ ගස්වා වන්දවා ගත් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය මීට සුළු වේලාවකට පෙර පාපෝච්චාණයක් කළාය.

තමන් මුහුණ දුන් අත්දැකීම විස්තර කරමින් මෙම විදුහල්පතිනිය සඳහන් කළේ තමාට තර්ජනය කොට, බලහත්කාරයෙන් මෙම පිරිස රූපවාහිනී නාලිකාවක මාධ්‍යෙව්දියකු යැයි කියාගන්නා ලද පුද්ගලයයෙකු ඉදිරියේ ප්‍රකාශයක්ද ලබාගත් බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කැෆේ සංවිධානය මාධ්‍ය වෙත සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව අධ්‍යාපන අමාත්‍යංශය මගින් විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී ඇය විසින් ලබාදිය යුතු කට උත්තරය පවා ලියා තේරුම් කරදී ඇත්තේ ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියෙකු විසිනි. ඌව පළාතේ දේශපාලඥයින්ගේ නිවෙස් සහ කාර්යාල වල නිතර දැකිය හැකි මෙම නිලධාරියා තමාට සිදුකළ තර්ජන ශිෂ්ට මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළ නොහැකි බවද මෙම අතවරයට ලක්වූ විදුහල්පතිනය අප සමඟ පැවසුවාය.

ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය සන්ධ්‍යා අඹන්වල යි. ඌව පළාතේ හද්දා පිටිසරට මේ විදුහල්පතිතුමිය මාරු කරන බවට තර්ජනය කළේ ඇයයි. සිද්ධිය සම්බන්ධ ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පියදාස රත්නායක යි. කැෆේ සංවිධාය විසින් යොමු කළ පැමිණිල්ලට විදුහල්පතිවරිය විසින් ලබා දිය යුතු පිළිතුර සකස් කොට දුන්නේ ඔහු ය.

මෙවැනි සිදුවීමක් සිදු නොවූ බවට පුවත් පත් සාකච්ඡා පැවැත්වූ ඌව කොලේජ් විදුහල්පති සහ ජනමාධ්‍ය වෘත්තියට නිගා දෙන ජනමාධ්‍යවේදීන් දෙදනා පිළිබදව හෙට දින කරුණු ඉදිරිපත් කරමි.

මෙම සිදුවීම කැෆේ සංවිධානය විසින් මාධ්‍ය ඔස්සේ හෙළිකිරීමත් සමඟ ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයාටත්, පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතාටත් හොරුන්, හිගන්නන් සහ ව්‍යාපාරිකයින් ලෙස අවලාද නැගීය.

විදුහල්පතිනිය කාමරයා දමා, පිරිමින් 4 ක් තර්ජනය කිරීමෙන් පසුව, රූපවාහිනි නාලිකාවල මයික් අල්ලා, බලහත්කාරයෙන් ප්‍ර‍කාශ ලබාගෙන විකාශනය කළ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ ‘මාධ්‍යවේදී හැදුණුම්පත් ධාරීන් තුන්දෙනාගේ කථාව

(සුදර්ශන ගුණවර්ධන රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ, වෙත සිදු කළ පැමිණිල්ල. )

ඌව ප්‍ර‍ධාන අමත්‍යවරයා විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දන ගස්සා, අතවර කිරීමේ සිද්ධිය වසන් කිරීම සදහා ඇයට තර්ජන කර ප්‍ර‍කාශයක් සටහන් කර එය මාධ්‍ය මගින් ප්‍ර‍චාරය කිරීමට සම්බන්ධ ‘මාධ්‍යවේදීන් සම්බන්ධයෙනි.

2018 ජනවාරි 9 දින කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස මම ‘ඌව ප්‍ර‍ධාන අමත්‍යවරයා විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දන ගස්සා, අතවර කිරීමේ සිද්ධියක්‘ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළෙමි. ඒ පිළිබද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිඛිත පැමිණිල්ලක් සිදු කළෙමි.

ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල හා ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පියදාස රත්නායක විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබද කරුණු අප විසින් අධ්‍යයානය කොට ඇත. මේ පිළිබද විමර්ශනයේ දී අතරවරයට පත් විදුහල්පතිනිය විසින් ලබා දිය යුතු කටඋත්තරය ලියා දී, තේරුම් කර දී, එම ප්‍ර‍කාශය මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා නමුත් ඌව පළාත් සභාවෙන් වැටුප් ලබන සේවකයින් විසින් විඩියෝ ගත කොට ‘දෙරණ‘ හා ‘හිරු‘, ස්වර්ණවාහිනී නාලිකා මගින් විකාශනය කොට ඇත. පළාත් ප්‍ර‍ධාන අමාත්‍යවරයා විසින් ‘ගුරුවරිය දණ ගැස්සවූයේ නැත‘ යන්න සමාජ ගත කිරීමට මෙම විඩියෝ පටය යොදා ගන්නා ලදී.

එය මාගේ දැනුම අනුව දෙරණ, හිරු හා ස්වර්ණවාහිනී නාලිකා මගින් ප්‍ර‍චාරය කොට ඇත්තේ ප්‍ර‍වෘත්තිමය වටිනාකම සලකා යැයි මම සිතමි. මුළු බදුල්ලම දන්නා කරුණක්, ලොග් සටහන් සාධක ඇති කරුණක්, බදුල්ල නගරයේ උද්ඝෝෂණ දෙකකට හේතු වූ කරුණක්, සිවිල් සංවිධාන මැදිහත්වී ඇති කරුණක් අදාල සිද්ධියට ලක්වූ පුද්ගලයා විසින් ප්‍ර‍තික්ෂේප කරන්නේ නම් එහි ප්‍ර‍වෘත්තිමය වැදගත්කම විශාලය.

නමුත්, සත්‍යය නම් බලහත්කාරයෙන් ඇය බිය වද්දා, මෙම මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පුද්ගලයින් විසින් ඇයට ‘වචන කියා දී – ඇයගේ කැමැත්තට පරිබාහිරව විඩියෝගත කරන ලද ප්‍ර‍කාශයක්‘ බව මේ වන විට හෙළිදරව් වී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් යැයි කියාගන්නා පුද්ගලයින් තිදෙනෙකුට රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍යවේදී හැදුණුම්පත් නිකුත් කර ඇත. ඔවුහු ඌව පළාත් සභාවේ තනතුරු දරමින් වැටුප් ලබති. එපමණක් ද නොව, මෙම බලහත්කාරී පටිගත කිරීම සදහා පළාත් සභාව සතු මහජන දේපල, (විඩියෝ කැමරා, බැටරි, පටිගත කිරීමේ උපකරණ සහ තවත් දේ) භාවිත කර ඇත. සියල්ලටම වඩා මෙම බලහත්කාරී පටිගත කිරීම සිදු කරන වේළාව සදහා මෙම මාධ්‍යවේදීන් තිදෙනා රජයේ බදු මුදලින් වැටුප් ලබන ඌව පළාත් සභාවේ සේවයට වාර්තා කර සිටි පුද්ගලයින් වෙති.

විදුහල්පතිනියක් දණ ගැස්වීම පිළිබද අසික්කිත සිදුවීමක් පිළිබද පරීක්ෂණයක් ඉල්ලා සිටි විට එම පරීක්ෂණය සිදු කළ යුතු නිලධාරීන් විසින් ‘මරණ බිය ඇති කොට, ඌව පළාතේ ඈත කෙරවලට මාරු කරන බවට තර්ජනය කර, වාර්ගික ගැටුම් ඇති කරන්නේ යැයි චෝදනා කොට, ඇය විසින් ප්‍ර‍කාශ කළ යුතු වචන කියා දී ඒවා පටිගත කිරීමේ කාර්යයකට සහභාගි වූ, දායක වූ , අනුබල සැපයූ අය සැබෑ මාධ්‍යවේදීන් විය නොහැකිය. රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ ‘හැදුණුම්පත් දරන මාධ්‍යවේදීන් ලෙස තවදුරටත් ඔවුන්ට කටයුතු කළ හැකි ද යන්න පිළිබද නිගමනය කිරීම අතිශයින්ම වැදගත් වේ.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රාදේශීය මාධ්‍යවේදීයා, විදුහල්පතිනියට දණ නොගැස්සු බවට වචන කියා දී හිරු, දෙරණ මයික් අල්ලා සිද්ධිය විඩියෝ ගත කරන ලද්දේ xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx (ඌව පළාත් සභා මාධ්‍ය ඒකකයේ වැටුප් ලබන රැකියාවක් සිදු කරන) විසිනි.

මෙම විඩියෝ පට හිරු සහ දෙරණ නාලිකා සදහා ලබා දී ඇත්තේ මාධ්‍යවේදී xxxxxxxxxxxxxxxxxxxxxxxxxx විසිනි. ඔහු ඌව පලාත් ප්‍ර‍ධාන අමාත්‍ය මාධ්‍ය උපදේශක හෝ වෙනත් තනතුරු නාමයකින් පළාත් සභාවේ වැටුප් ලබන්නෙකි.

තෙවන මාධ්‍යවේදී හැදුණුම්පත් ධාරියා ද, පළාත් සභාවේ වැටුප් ලබන සේවකයෙකු බව පැවසෙන නමුත් එය තහවුරු කර ගත නොහැකි විය.

රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂතුමනි,
1. මෙම පුද්ගලයින් ඔබගේ අත්සන සහිතව රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ‘මාධ්‍යවේදී හැදුණුම්පත් දරන බැවින් එම හැදුණුම්පත් වහා ආපසු කැදවන ලෙස ද,
2. මෙම සිද්ධිය පිළිබද රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව මගින් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ද,
3. මෙම මාධ්‍යවේදීන් ජාතික රූපවාහිනිය, හිරු, දෙරණ, ස්වර්ණවාහිනී යන රූපවාහිනී නාලිකා ද ලංකාදීප පුවත්පත ඇතුළු මාධ්‍ය ආයතන 30 කට වැඩි සංඛ්‍යාවක බදුල්ල වාර්තාකරුවන් ලෙස කටයුතු කරති. එබැවින් ඔවුන්ට මෙම සිද්ධිය පිළිබද බලහත්කාරී, විනාශකාරී වාර්තාකරණයකට ඇති ඉඩ අවම කිරීම සදහා සුදුසු වෙනත් ක්‍රියා මාර්ග ගන්නා ලෙස ද, කාරුණිකව ඉල්ලමි.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!