Breaking News
Home / Video / නිදහස් දා බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉස්සරහා කොටි පාපු විරෝධයට අපේ හමුදා නිලධාරියා බෙල්ල කපනවා කියලා කියපු හැටි

නිදහස් දා බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉස්සරහා කොටි පාපු විරෝධයට අපේ හමුදා නිලධාරියා බෙල්ල කපනවා කියලා කියපු හැටි

70 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අභිමානවත් ලෙසින් මෙරට සමරද්දී විදෙස් රටවලදී ද නිදහස් උත්සව පැවැත්වුණා.

ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුල එසේ නිදහස් උත්සවය සමරද්දී එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එයට විරෝධය පළ කළා.

එම අවස්ථාවේ එහි සිටි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්ත ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු විසින් කිසියම් සංඥාවක් සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූවා.

පසුව අදාළ සිදුවීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් ගේ දැඩි අවධානයකට ලක්ව ඇති බවයි. ඒ අනුව අදාළ නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අතිහිටුවන ලෙසට ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයාට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම මෙම සිද්ධිය පිළිබඳව යුද හමුදාවද ඇතුළුව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. එම වීඩියෝව සහ ඡායාරූපය පහතින්.


About article14

Check Also

මකදුරේ මධුෂ් නම් වූ කුඩු රජු අපරාධකරු මිය ගිය පියා වෙනුවෙන් ගමේ පන්සලට කෝටි 6 ක ගොඩනැගිල්ලක් පුජා කරලා. පුජකයන්ගේ අනුශාසනයෙන් කියලා සමරු පලකයකුත් ගහලා

ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති මාකදුරේ මධුස් ඇතුළ පිරිස ශ‍්‍රී ලංකාවට බාර නොදෙන බවට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!