Breaking News
Home / ක්‍රිඩා / නිදහස් කුසලානෙට ඉන්දියාවෙන් එවන පොඩි ටීම් එකේ පාන්ඩයා වෙනුවට දාපු ශංකර්ට හයේ පහරවල් ගහන්න විශේෂ පුහුණුවක් දුන්නලු

නිදහස් කුසලානෙට ඉන්දියාවෙන් එවන පොඩි ටීම් එකේ පාන්ඩයා වෙනුවට දාපු ශංකර්ට හයේ පහරවල් ගහන්න විශේෂ පුහුණුවක් දුන්නලු

Image result for vijay shankar indian cricketer

නිදහස් කුසලානය සඳහා ඊයේ නම් කල ඉන්දියා සංචිතය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩේ නම් කර නැති අතර ඔහුගේ තැන ගන්නට සමත් වී ඇත්තේ තමිල්නාඩු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන විජේ ශන්කර්ය.ශංකර් ද ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන අතර පාන්ඩේගේ අඩුව තමන්ගේ ක්‍රමයට පුරවන්නට තමන් සුදානම් යයි ශංකර් සංචිතයට නම් කිරීමේ අනතුරුව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පතට පවසා තිබිණි.

Image result for hardik pandya

“මම කැමති නෑ මගේ හැකියාව තව කෙනෙකුගේ හැකියාවක් එක්ක සංසන්දනය කරන්න,එක එක ක්‍රීඩකයට තමන්ට ආවේනික වුන ක්‍රම තියනවා ,ඉතින් මම හිතන්නේ මගේ ක්‍රමයට පහර දෙන්න, මම කාගේවත් ක්‍රමයක් කොපි කරන්නේ නෑ.මට කණ්ඩායමේ පැවරෙන වැඩේ වගේම මට කණ්ඩායම වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරන්න තමයි මම සුදානමින් ඉන්නේ,මට අවස්තාව ලැබුනොත් .”

තමන් පසුගිය කාලයේ තම පුහුණුකරු සමඟ හයේ පහර එල්ල කිරීම සඳහා විශේෂ පුහුණුවක් කල බවද ශංකර් පවසා තිබිණි.”මම පහුගිය කාලේ මගේ පහර දීමේ හැකියාව දියුණු කරගන්න මගේ පුහුණුකරුවා එක්ක විශේෂ පුහුණුවක් කළා.පහුගිය දේශීය තරඟවල මට ඒ හැකියාව එක්ක ලොකු දෙයක් කරන්න කරන්න පුළුවන් වුනා,දේශීය තරඟවල මම පෙන්නපු ඒ දක්ෂතා තමයි මට ජාතික කණ්ඩායමට එන්න ලොකුම හේතුව වුනේ.”

ශංකර්ගේ පුහුණුකරු S.බලාජි පවසන්නේ දැන් තරඟවල හයේ පහර කෙරෙහි අවධානය යොමු කරන විට පහර එල්ල කරන දුර ගැනද අවධානය යොමු කල යුතු බවය.”දැන් ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු රකින්නො හතරේ සීමාව ළඟ උඩ පන්දු ගන්න විශේෂ පුහුණුවක් එක්ක ඉන්නේ.මම හිතන්නේ දැන් පිතිකරුවොත් ඒ දේවල් ගැන හිතල හයේ පහර එල්ල කරන දිශාවල් වගේම හයේ පහර මොන තරම් දුරකට ගහනවද කියලත් දැනගෙන පහර දෙන්න ඕන.අපි පහුගිය කාලේ ශංකර් එක්ක පුහුණු වුනේ ටෙනිස් බෝලයකින් පන්දු රකින්නන්ට ලඟාවෙන්න බැරි දුරකට හයේ පහර එල්ල කරන එක ගැන.”

මේ විදියට හයේ පහරවල් එල්ල කරන්නටම සුදානමින් එන ශංකර් ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අපට එළඹෙන 6 වනදා සිට නිදහස් කුසලානයේදී දැකගත හැකි වනු ඇත.

sportline

About article14

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!