Breaking News
Home / ක්‍රිඩා / “නිදහස් කුසලානය ඉතිහාසේ තිබ්බ තියුණුම තරගාවලියක් තරග 7 ම එක වගේ ” 19 න් පහල සිට කෝලි සමග ක්‍රීඩා කල රොෂේන් ඉන්දියා පුවත්පතකට කියයි

“නිදහස් කුසලානය ඉතිහාසේ තිබ්බ තියුණුම තරගාවලියක් තරග 7 ම එක වගේ ” 19 න් පහල සිට කෝලි සමග ක්‍රීඩා කල රොෂේන් ඉන්දියා පුවත්පතකට කියයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට පහු ගිය කාලේ එකතු වුන සුපිරි වැඩ කාරයෙක් තමයි රොෂේන් සිල්වා කියන්නේ.රොෂේන් ටෙස්ට් කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කරන්න එකතු වුනාට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හරි T20 කණ්ඩායමේ හරි තාම අවස්තාවක් හිමි වෙලා නෑ.

කොහොම වුනත් තමන්ගේ සහෝදර ක්‍රීඩකයන් එක්ක බංගලාදේශයේදී බංගලාදේශය ටෙස්ට් තරඟවලින් පරාජය කරලා බිමට සමතලා කරපු  බංගලි ක්‍රිකට් ,නිදහස් කුසලානයේදී නැවත උඩට ආපු ආකාරයක් තමයි අපිට දකින්න ලැබුනේ.

රොෂේන් කියන්නේ නිදහස් කුසලානය කියන්නේ තමන් බලපු ඉතාම හොඳ තරඟාවලියක් කියල,සාමාන්‍යයෙන් ගොඩක් අය නිදහස් කුසලානය ගැන නරක කියද්දී රෝශේන්ට තියෙන්නේ වෙනස්ම අදහසක්.

“මේ නිදහස් කුසලාන තරඟාවලිය මම දැකපු හොඳම ක්‍රිකට් තරඟාවලියක්,තරඟාවලියේ තිබුන තරඟ හතම එකම වගේ තියුණුයි,කවුරුත් කුසලානය දිනන මට්ටමේ වැඩ පෙන්නුවා,අනිත් එක එහෙම තියුණු වුන තරඟාවලිය ඉවර වුනේ ඉන්දියාව අවසාන පන්දුවට එල්ල කරපු හයේ පහරකින්,කුසලානය ලබාගෙන.”

තරඟාවලියේ ආරම්භයේ ශ්‍රී ලංකාවට පරාජය වුන ඉන්දියාව යලි නැගිට්ට ආකාරයත් බංගලියන් ශ්‍රීලංකාවේ දැවැන්ත ඉලක්කය හඹා ගිය ආකාරයත් අපුරු බව රොෂේන් පවසා ඇත.

“තරඟාවලියේ පලවෙනි තරඟයේදීම ශ්‍රී ලංකාවට පැරදුන ඉන්දියාව ඊට පස්සේ අනිත් කණ්ඩායම් වලට ලොකුම පීඩනය වුනා,ඒ වගේම ලංකාවේ දැවැන්ත ඉලක්කය බංගලාදේශය හරි අපුරුවට හඹා ගියා,අනිත් එක බංගලාදේශය අවසාන තරඟයට අරගෙන ආපු ශ්‍රී ලංකාව එක්ක තිබුන තරඟයත් ගොඩක් තියුණු තරඟයක්. මම හිතන්නේ මේ විදියේ T20 තමයි ප්‍රේක්ෂකයෝ බලන්න කැමති.”

Image result for roshen silva old

නිදහස් කුසලානයට නොපැමිණි ඉන්දීය කණ්ඩායමේ 19 පහල මට්ටමේ සිටම තමාගේ මිත්‍රයකු වන විරාත් කෝලි ගැනද රොෂේන් ඉන්දියා ටයිම්ස් සමඟ පැවති මෙම හමුවේදී අදහස් දක්වා ඇත.

”ඇත්තටම කෝලි කියන්නේ සුපිරි ක්‍රීඩකයෙක්,සාමාන්‍යයයෙන් එක්දින පිටියේ ආක්‍රමණශීලී නායකයෝ අපි දැකල තියනවා හැබැයි කෝලි තරම් ආක්‍රමණශීලී ටෙස්ට් නායකයෙක් තව හිටියද කියල මට මතකයක් නෑ.”

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!