Breaking News
Home / Video / නැහැදිච්ච බංගලියන් ඉදිරියේ ඉවසපු තිසරට ස්තුති කරන බංගලියන් බේරු ක්‍රිකට් සභාපති ස්මිත්ගේ ක්‍රියාව ගැනත් විවේචනය කරයි. මොහු ඊට සුදුසුද?

නැහැදිච්ච බංගලියන් ඉදිරියේ ඉවසපු තිසරට ස්තුති කරන බංගලියන් බේරු ක්‍රිකට් සභාපති ස්මිත්ගේ ක්‍රියාව ගැනත් විවේචනය කරයි. මොහු ඊට සුදුසුද?

අද දිනය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පාඩම් කියා දුන් දිනයක්. එනම් ලෝකයේ අංක එකේ තාක්ෂනය පරිපාලනය දක්ෂතාව විනිවිදබාවය ඇති ක්‍රිකට් රට වන ඕස්ට්‍රේලියාව විසින් තම දක්ෂතම නායකයා හා ලොව අංක එකේ ටෙස්ට් පිතිකරුට ඉගැන්නු පාඩමයි. එක්දින හා 20 20 හොදම පිතිකරු වන වෝනර් හා බන්ක්රොෆ්ටද ඉගැන්නු පාඩමයි.

පන්දුව පලුදු කිරීම් එදා මෙදා ඉතිහාසයේ සිදුව ඇති අතර එය කාටත් නොදැනිව කරන පිරිස් අදටත් සිටි. පලුදු කරනවා යයි පැවසුවත් එහි අරමුණ පන්දුවේ එක බාගයක් හොද දිලිසෙන ලෙස තබා ගැනීම හා අනෙක් බාගය ගොරෝසුව තබාගැනීමට යොදාගන්නා උපක්‍රමයි. මෙම දේවල් කාටත් නොදැනී කැමරාවට හසු නොවී කරන ක්‍රීඩකයන් ඕනෑතරම් සිටි. මෙයට කලක් පකිස්තාන ක්‍රීඩකයන් ප්‍රසිද්දව සිටියේය.

මෙය නීතිවිරෝදී වන්නේ එක්මනින් යම් නීති විරෝදී අකාරයකින් පන්දුවේ එක බාගයක් ගොරෝසු කිරීම හෝ එංගලන්තයේ බ්‍රෝඩ් පැවසු අන්දමට එක අන්තයක් සීනි හෝ යම් දෙයක් පාවිච්චි කර දිස්නය වැඩි කිරීමට කටයුතු කිරීමයි.

කෙසේ වෙතත් කැන්ගරුවන් තම රටේ ගරුත්වය ගැන සිතමින් සිද්දිය වූ වහාම අගමැතිවරයා කතා කර නායකයාට ඉවත්වන ලෙස බලපෑම් කර ඇත්තේ අප රටේ කොන්ද පන නැති නායකයන් මෙන් නොවේ. 2017 ක්‍රිකට් අර්බුදයට යන විට හිටපු නායක අර්ජුන ලිපි පවා ලියමින් දුන් යෝජනා මෛත්‍රී හෝ රනිල් කනකටවත් ගත්තේ නැත.

අප රටේ කතාව ටිකක් වෙනස් එකකකි. ඒ රටේ ක්‍රීඩකයන්ගේ විනය නොව පරිපාලනයේ කප්පරක්වූ දුෂණ වංචා හොරකම් වේ. ඒ ගැන ජාත්‍යන්තර වෙබ් අඩවි පවා සාක්ෂි සමග හෙළි කලත් පක්ෂය රටක් ලෙස සිතා සිටින ලංකාවේ පාලකයන් අද වන තුරු හාවක් හුවක් නැත. එහෙත් ඕස්ට්‍රේලියාවට එක පුංචි සිදුවීමක් වසා ගැනීමට අවශ්‍ය වුයේ නැත. ICC ය එක තරගයක් තහනම් කරද්දී රටේ පාලක මණ්ඩලය දැඩි දඩුවම් තමාගේ ඉන්න හොඳම ක්‍රීඩකයන් දෙදෙනාට දී හමාරයි.

ලංකාවේ ක්‍රීඩකයන්ගෙන් මෙවන් අපකිරිතිමත් දේ බලාපොරොත්තුවෙන්නේ නැත. ඔවුන්ට හොද විනයක් ඇත. තිසරට බංගලි පගරනට්ටාට කන හරහා එකක් දීමට හැකිව තිබුනත් ඔහු ඉවසූ ආකාරයට සියල්ලම අගය කරයි. මෙහි හාස්‍යජනක කාරණය මෙය අගය කරන්නේ ක්‍රිකට් ගුබ්බයමේ මහා තැනයි. ඔහු තිසරට ස්තුතිය පුදා බන්ගලියන්ගේ ඇගේ තෙල් ගා යැව්වේ අනාගත ICC සබාපති සිහිනය වෙනුවෙන් බව පුවත්පත් වාර්තා කර තිබුණි.

එත් හදිසියෙවත් තිසර අතින් වරදක් වූවානම් බන්ගලියන් අතර හා ICC යේ හොද නම ගැනීමට ලංකාවේ සියල්ලට දඩුවම් දිමනම් අනිවාර්යයි. ඒ රටේ ගරුත්වය රැකිමටවත් විනය රැකිමටවත් නොවේ තමන් කැපී පෙනී පොර වීමටයි. බංගලි පාලක මණ්ඩලය නැහැදුන උන්ට කිසි ක්‍රියාමාර්ගයක් නොගත්තේය. ලංකාවේ ක්‍රිකට් ගුබ්බායමෙන් එවැන්නක් කිරීමට ඉල්ලා සිටියේ හෝ ප්‍රේමදාසේ CCTV දර්ශනවත් මාධ්‍යට දුන්නේ නැත.

ඕස්ට්‍රේලියාව දියුණු රටක් වන විට අප රටේ බුද්ධිමතුන් එහි සැහෙන්න පිරිසක් ස්ථිර පදිංචියට යාමටත් හේතුව අපට අද හොදින්ම පැහැදිලි. ලොව අංක එකේ පුද්ගලයා වුවත් රටේ කීර්තිනාමයට හානියක් කරනවානම් ඔහුට ඒ රටේ ඉඩක් නැත. ඕස්ට්‍රේලියාවේ 2013-2015 හිටපු අගමැතිවරයා ඇබොට් නික්ම යන්නේද මැතිවරණයකින් පරාජය වී නොවෙයි. තනි පුද්ගලයෙක් ලෙස තමාට පක්ෂයේ සහයෝගය නොමැති තැනයි.

1996 පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇල්ලු හොරු රටේ කිරිතිනාමය විනාශ කල ආකාරය ලංකාවේ හා ජාත්‍යන්තර මාධ්‍ය හෙළිකර ඇතත් කිසිදිනක ඉල්ලා අස්වීම් අස්වීම් ඉවත් කිරීම් තහනම් කිරීම් සිදුවී නැත. ක්‍රීඩකයන්ට යම් යම් විනය ක්‍රියා මාර්ග ගත්තත් මෙම ක්‍රිකට් ආයතනේ එදා මේදා තුර කල විනය විරෝදී වැඩ සදහා ගත ක්‍රියා මාර්ගයක් අද වනකම් නැත.

ICC ය දුන් සිගිති දඩුවමට එහාගොස් ඔවුන්ටත් පාඩමක් උගන්වමින් ඕස්ට්‍රේලියාව ලෝකයටම දුන් ආදර්ශය ඉතා ඉහල එකක්. ඒ රටේ ක්‍රීඩාව යනු ලෝකයේ කිර්තිනාමය වන අතර ක්‍රීඩකයන් යනු රටක තානාපති නොයෝජිතයන් මෙනි යන ආදර්ශය ලබා දීමයි. මේ කුමන කතන්දර ලෝකයේ සිදුවුවත් ලංකාවේ වගකිව යුත්තන් ක්‍රිකට් වලින් කනවා මිස එය රැකීමට කටයුතු කරන්නේ නැත. 2011 ලෝක කුසලාන ප්‍රවේශපත්‍ර මගඩියකට එවකට රාජ්‍ය පාලනයේ ඥාතියකු වන අනතර් කමිටු සබාපති ඇතුළු පුද්ගලයින්ට තවමත් චෝදනා ඇතත් අද වනතුරු කිසිදු පරීක්ෂණයක් සිදුවී නැත.

ජාත්‍යන්තර මාධ්‍ය හා දේශීය මාධ්‍ය සාක්කි සමග පරිපාලනයේ වංචා දුෂණ විනය ගැන ඉදිරිපත් කලත් කනකට නොගත් පුද්ගලයින් ක්‍රීඩකයින්ගේ විනය ගැන කතා කරන හැටි..

About article14

Check Also

පක්ෂයෙ එකමුතුභාවය වෙනුවෙන් සුවිශේෂි තිරනයක් ගැනීමට සූදානම් – රනිල්

පක්ෂයේ එකමුතු භාවය වෙනුවෙන් තමා ඕනෑම කැප කිරීමකට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!