Breaking News
Home / දේශීය පුවත් / නැවියන් 5000 ක් යන, කෑමවේල් 18000 ක් දිනකට හදන කොරියාවට යනගමන් ආපු ඇමරිකන් දැවැන්තයා

නැවියන් 5000 ක් යන, කෑමවේල් 18000 ක් දිනකට හදන කොරියාවට යනගමන් ආපු ඇමරිකන් දැවැන්තයා

USS Nimitz Visit to Sri Lanka First for U.S. Aircraft Carrier Since 1985 – ඇමරිකානු නාවික හමුදාවේ USS නිමිට්ස් (CVN 68) හෙට කොළඹට පැමිණෙයි! 1985 ට පසු ලංකාවට එන විශාලතම ප්‍රහාරක නෞකාව මෙයයි.

1975 දී දියත් කෙරුණු මෙම ප්‍රහාරක ගුවන් යානා රැගෙන යන “නිමිට්ස් නෞකාව” මහල් 23 කින් සමන්විතයි. දිග මීටර් 333 කි. ප්‍රහාරක ජෙට් යානා ඇතුළු ගුවන් යානා 60- 80ත් අතර මෙහි රැඳවිය හැක. (nuclear-powered multimission aircraft carrier) නැවියන් 5000 ක් පමණ සේවයේ නිරතවන අතර දිනකට මෙහි මුළුතැන්ගේ තුල නැවියන් සඳහා ආහාර වෙල් 18,000 ක් පිසිනු ලබයි. වොෂින්ටන් ප්‍රාන්තයේ කිට්සැප් වරාය ඇයගේ නිවහනයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එළඹෙන ආසියානු සංචාරදී උතුරු කොරියාවේ ක්‍රියා කලාපයන්ට පණිවුඩයක් ලබා දීම සඳහා ඉතිහාසයේ පළමු වතාවට ඇමෙරිකානු මහා පරිමාන ප්‍රහාරක නෞකා 3ක් ඉන්දියන් හා පැසිෆික් සාගර කලාපයට අවතීර්ණ වී ඇත. ලංකාවට පැමිණෙන USS නිමිට්ස් ට අමතරව USS රොනල්ඩ් රේගන් හා USS තියඩෝ රෝස්වෙල්ට් යන ප්‍රහාරක නෞකා දකුණු කොරියාවට සමීපව පැසිෆික් මුහුදු කලාපයේ රැඳී සිටිනු ඇත.

Shanaka de silva

About article14

Check Also

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා සෝබිත හිමි දේහයට දිවුරලා බලය රැකගන්න බැසිල් ලග වැද වැටුනා – මහාචාර්ය සරත් විජේසුරිය

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි.- මහාචාර්ය සරත් විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!