Breaking News
Home / දේශීය පුවත් / නැවත මරණ දඩුවම කරලියට ආපු නිසා මරණ දඩුවම ලැබී බන්ධනාගාරේ ඉන්න කුඩු ජාවාරම්කාරයෝ බියවී ආතතියෙන්ලු. බේරගන්න එන අය බලමු

නැවත මරණ දඩුවම කරලියට ආපු නිසා මරණ දඩුවම ලැබී බන්ධනාගාරේ ඉන්න කුඩු ජාවාරම්කාරයෝ බියවී ආතතියෙන්ලු. බේරගන්න එන අය බලමු

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීමේ තීරණය සැලවීමත් සමග වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින මරණ දඩුවම නියමවූ කුඩු ජාවාරම්කරුවන් දැඩි භීතියකට පත්ව සිටින බව එහි අභ්‍යන්තර වාර්තා අනාවරණ කරනවා.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින මරණ දඩුවම නියමවූ මත්කුඩු ජාවාරම්කරුවන් 7 දෙනා දැඩි කම්පනයකින් කාලය ගත කරන බවයි එම වාර්තා හෙළිකරන්නේ.

මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ සිර මැදිරියේ මරණ දඬුවම නියමවුවන් 271 දෙනකු රදවා සිටිනවා.
ඒ අතරින් අභියාචනා විභාග වන සංඛ්‍යාව 47ක් පමණ වන බව සදහන්.

මේ වන විට ලංකාව පුරා බන්ධනාගාරවල මත්කුඩු හේතුවෙන් මරණ දඩුවම නියමවූ 18 දෙනකු රදවා සිටිනවා.
මෙරට අවසන් වරට මරණ දඩුවම ක්‍රියාත්මකවී ඇත්තේ 1976 වසරේ ජුනි 23 දායි.

ඉදිරියේදී අනෙක් අපරාධ සම්බන්ධයෙන්ද මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමටයි රජයේ අවධානය යොමුව ඇත්තේ.

කෙසේ වෙතත් කුඩු රජවරුන්ට කොටි ගණන් මුදල් ඇති නිසා පාර්ලිමේන්තුවේ සිට දේශපාලකයින් මිලට ගන්නවා යන්න මහා ලොකු දෙයක් නොවේ. මානව හිමිකම් මුවාවෙන් මෙයට විරුද්ධ වන්නන් එම වෙස් මුනෙන් පැමිණිය හැකි. අප බලා සිටිමු එසේ පැමිණෙන දේශපාලුවන් අනිවාරයෙන් මේ කුඩු ව්‍යාපාරය සමග කටයුතු කරන්නන් විය හැකි

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!