Breaking News
Home / ක්‍රිඩා / නැවත අයිපිඑල් ගහන්නේ නැ. ලංකාවට ආ විගස ජාත්‍යන්තර ක්‍රිකට් වලින් සමුගැනීමත් ප්‍රකාශ කරනවා. දැන් වයස හරි – මාලිංග

නැවත අයිපිඑල් ගහන්නේ නැ. ලංකාවට ආ විගස ජාත්‍යන්තර ක්‍රිකට් වලින් සමුගැනීමත් ප්‍රකාශ කරනවා. දැන් වයස හරි – මාලිංග

Image result for lasith malinga

අයිස් ක්‍රිකට් තරගාවලියට සහබගිවී සිටින ලංකාව බිහිකළ ලෝකපුජිත සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග පවසන්නේ නැවත අයිපිඑල් ක්‍රීඩා නොකරන බවයි. ඔහු ඊයේ(7) දිනයේ වසර 10 ක් ක්‍රීඩා කල මොම්බායි කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයකු කර පය ගණනක් යන විට මේ තීරණය ගෙන තිබෙනවා.

මානසිකව ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීම දැන් අවසන් කර ඇති බවත් ජාත්‍යන්තර පිටියේ නැවත ක්‍රීඩා නොකරන ඇතිබවත් සමු ගැනීම ඉක්මනින් ප්‍රකාශ කරනු ඇති බවත් මාලිංග පවසනවා. තවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කතාබහ කර නැති අතර අන්තර් සමාජ තරගවලට සහබාගිවී තමන්ගේ ශරීරය ක්‍රීඩාවට කොතරම් සුදුසුද යන්න බලන බවත් මාලිංග පවසනවා. එසේම අයිපිඑල් සදහා නැවත ක්‍රීඩා නොකරන අතර තමන්ගේ අලුත් තනතුර අනුව කණ්ඩායමට අත්දැකීම් අනුව අලුතින් දෙයක් කරන බවත් මාලිංග පවසනවා.

 

Image result for lasith malinga

මුම්බායි කණ්ඩායම තමන් ඉවත් කල හේතුව හිමිකරුවන් විසින් තමන්ට පැහැදිලිකල බව කියන ලසිත් පවසන්නේ ඔවුන්ගේ නව සැලැස්ම වන්නේ ඉදිරි වසර තුන සදහා අලුත් කණ්ඩායමක් නිර්මාණය බවයි. ලසිත් මේ වන විට වටහාගෙන ඇත්තේ තමන් තරගකාරී ක්‍රීඩාවෙන් මේ වන විට ඇත්වි ඇති බවයි. වයස 34 වන තමන් තවත් තරුණ නොවන බවත් ලෝක පුජිත වසීම් අක්‍රම් පවා සමුගත යුතු කාල දැන සිටි බවයි ලංකාව බිහිකළ ලෝක පුජිතයා පවසන්නේ.

Image result for lasith malinga

ලංකාවේ මුරලි වාස්ගෙන් පසු දශකයට වඩා ජයග්‍රහණ ගෙන දුන් ලෝකය උඩුයටිකුරු කල මේ විශිෂ්ටයා ලංකාවට ආ විගස සමහර විට සමුගැන්ම ප්‍රකාශ කරයි. එහෙත් අපට මාධ්‍ය වාර්තා පළවුයේ නිදහස් කුසලානයට ක්‍රීඩා කිරීමට හතුරුගේ අදහසක් ඇති බවයි. එසේ වුවොත් එම තරගාවලිය මේ ලෝක පුජිතයාගේ අවසන් තරගාවලිය වීමට ඉඩ ඇත. කෙසේ වෙතත් පරිපාලනය ඔහු සමග ඇති අමනාප කම ශ්‍රී ලංකාවටම පාඩුවක් කිරීමට යනවාදැයි අපට ඇත්තේ කනගාටුවකි. ඒ ලෝක කුසලානය වන තෙක් තවත් දින 500 ක් පමණ තිබෙන නිසයි. 2014 20 20 ලෝක කුසලාන නායකයා ලෙස ලසිත්ගෙන් මිට වඩා වැඩක් ගැනීම සහ ගෞරවාන්විත සමුගන්මක් ලබා දිය යුතුය.

About article14

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!