Breaking News
Home / දේශීය පුවත් / නායක සිහින දකින රවී යන යකා කොරහත් බිදගෙන යන ගැටුමට එජාප නායක රනිල් මැදිහත්වේ

නායක සිහින දකින රවී යන යකා කොරහත් බිදගෙන යන ගැටුමට එජාප නායක රනිල් මැදිහත්වේ

එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සහ නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සහ පක්ෂ උපනායක විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක ප‍්‍රසිද්ධියේ එකිනෙකාට එරෙහිව ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මැදිහත්ව කඩිනම් පියවරක් ගන්නා ලෙසට ආන්ඩු පක්ෂ පසුපෙළ මන්ත‍්‍රවරුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගෙන් ඊයේ(17) ඉල්ලීමක් කර ඇත.

ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරුන් අග‍්‍රාමාත්‍යවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකරනු ලැබ ඇත්තේ කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ උදෑසන අග‍්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී බව සදහන්. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකවරයාත් උපනායකවරයාත් එකිනෙකාට ප‍්‍රසිද්ධියේ දෝෂාරෝපනය කිරීම පක්ෂයේ සමගියට කරන අතිශය නරක පූර්වාදර්ෂයක්යැයි අග‍්‍රාමාත්‍යවරයා හමුවේ කරුනු දක්වා ඇති ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් පෙන්වා දී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සජිත් පේ‍්‍රමදාස සහ පක්ෂ උපනායක රවී කරුණානායක ගෙන් ගත හැකි සේවය පක්ෂයට උපරිමයෙන් ගතයුතු බව අග‍්‍රාමාත්‍යවරයා හමුවේ පෙන්වාදී ඇති පසුපෙළ මන්ත‍්‍රීවරුන් ඒ සදහා වහාම මැදිහත්ව සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගන්නැයි වැඩිදුරටත් ඉල්ලා ඇත.ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ලබන සතියේදි තමන් මෙම ප‍්‍රශ්ණය විසදීමට ක‍්‍රියා කරන බව ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

About article14

Check Also

දයාසිරි ශ්‍රීලංකා නිදහස් පක්ශයේ නායක කම ගන්න කුරුණෑගල තනි මනාප ගන්න කුමන්ත්‍රණයක

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ශ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් අද දින දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!