Breaking News
Home / ක්‍රිඩා / නායක සිහිනය දකින්නා මාලිට ගැසූ පසු අද දිමුත්ට රිදෙන්නම ගසයි

නායක සිහිනය දකින්නා මාලිට ගැසූ පසු අද දිමුත්ට රිදෙන්නම ගසයි

ලසිත් මාලිංගට නායකත්වය නොදුනොත් ක්‍රීඩාවෙන් සමුගන්නා බව රාවයක් දැනට දින දෙකක පමණ සිට යන අතර ඒ වග ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රය දක්වන සමාගම මගින් පවත්වාගෙන යන ක්‍රිකට් වෙබ් අඩවියේ තහවුරු කල ආරංචි මාර්ග යනුවෙන් පවසා තිබුනේ මැතිව්ස් තුවාල කරුවකු බවත් චන්දිට තමාගේ ස්ථානයවත් විශ්වාස නැති බවත් දීමුත් 2015 පසු එක්දින තරගයක් ක්‍රීඩා කර නැති බවත් තමාට නායකත්වය නොදෙනවා නම් මාලිංග ක්‍රීඩාවෙන් සමුගන්නා බව කියූ බවයි.

එම වෙබ් අඩවියේ විස්තරය උපුටා දක්වමින් අපද වාර්තාවක් ගෙන ආ අතර එම පුවතේම අවසානයේ දැක්වුයේ එම වෙබ් අඩවිය අසන්තාද මැල්ට කතා කර මේ පිළිබද විමසු බවයි. එවිට ඔහු පැවසුවේ ඔවුන් තවම තීරණය කර නැති බවත් මාලිංගට නායක කම පොරොන්දු වී නැති බවයි.

තවද මාලිංග පසුගිය 11 වනදා යූ ටියුබ් නාලිකාවකට පවසා තිබුනේ තේරුම් කමිටුව තමන් නායකත්වයෙන් ඉවත් කර නැති අතර එසේ කලානම් ඔවුන් දැනුම් දෙන බවයි. ඒත් තේරුම් කමිටුවේ තීරණය බලා තමාගේ තීරණය ගන්නා බව මාලිංග අවසානයේ පැවසීමද විශේෂයෙන් සදහන් කල යුතුයි. එහෙත් අසන්තා වෙබ් අඩවියට පවසන්නේ ඔහුට දකුණු අප්‍රිකානු තරගාවලිය පමණක් දුන් බවයි.

ඉන් අනතුරුව අසන්තා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ මාලිංග පුහුණුකරු හා ක්‍රීඩකයන් සමග හොදින් සම්බන්ධයක් නොපවත්වන බවයි. එනිසා කණ්ඩායම එක් කල හැකි ක්‍රීඩකයකු ඔවුන් සොයන බවත් මෙය ඉතා කේදවාචකයක් බවත් ඔහු පුවත්පතට පවසා තිබෙනවා.

ඒ මේ අතර අද එනම් 13 දා දහවල් වන විට එක එක පුවත් නිර්මාණයට අති දක්ෂ වෙබ් අඩවියක් වන රතු පාටට හුරු ජාතික රේඩියෝ නාලිකාවක් පමණක් හිමි ප්‍රසිද්ධ වෙබ් අඩවියක් දිමුත්ගේ රිය අනතුරේ රියදුරුගේ පින්තුර බාවිත කරමින් ඔහුගේ ප්‍රකාශයක්වත් නොමැතිව දිමුත් අමු බේබද්දෙක් සල්ලාලයෙක් වංචාකාරයෙක් වැනි ඉතා පහත් හැගීම් එන ලෙස එම වෙබ් අඩවියේ මතයක් ලියා ඇත.

රියදුරුගේ තුවාල සහිත පින්තුර බාවිතා කර ඇති අතර ඔහු කල ප්‍රකාශයක් මතයක් එහි සදහන් වන්නේ නැත. මේ පසුබිම තුල අප දැනට දින දෙකකට පමණ පෙර වාර්තා කලේ යම් ක්‍රීඩකයෙක් යහමින් මුදල් වියදම් කරමින් නායකයන් විය හැකි ක්‍රීඩකයන්ට නිර්දය ලෙස පහර දීමක් මේ දිනවල ක්‍රියාත්මක වන බවයි.

දිමුත් යම් වරදක් කල බව අප කවුරුත් දන්නා කරුණක් වුවත් එම ලිපියේ තනිකර තිබෙන්නේ වෙබ් අඩවිය විසින් රිදෙන්න පහර දීමක් මිස පාර්ශව දෙකේ කරුණු ඉදිරිපත් කිරීමක් නොවේ. 2018 වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනු සංජු නම් හින්දි චිත්‍රපටය සංජය දත්ගේ ජිවිත කතාව පදනම් කරගෙන නිර්මාණය කල එකක් වන අතර 1993 දී දිල්ලි බොම්බේ නගර වල එල්ල කල බෝම්බ වලට සන්ජේ සම්බන්ධ බව පුවත් නිර්මාණය කරන්නේ ඉන්දීය පුවත් පත් බව එහි පැහැදිලිව එලි කරනවා.

ඉන්දියාවේ ලියාපදිංචි පුවත්පත් 105000 පමණ ඇති අතර ඔවුන්ට අවශ්‍ය පුවතට හෙඩ් ලයින් දමා ප්‍රශ්නාර්ථයක් ගසා පුවත සමාජ ගත කරන අතර සන්ජේ දත් ත්‍රස්තයකු නොවන බව වසර 20 පසු ඔප්පු වන අතර ඔහු ත්‍රස්තයෙක් නොවේ යන පුවත කිසිදු මාධ්‍යක් වාර්තා නොකරයි.

එවන් සිතල අසික්කිත තුච්ච කුලහීන සෙල්ලමක් නායකත්වය බලා සිටින පුද්ගලයෙක් මේ දිනවල යහමින් මුදල් වියදම් කරමින් සිටින වගයි ආරංචිමාර්ග සදහන් කරන්නේ. මාලිංගගේ කට කතාවෙන් නායකත්වය ගන්න ඉන්න ක්‍රීඩකයන් 4 දෙනාටම එකම තැන පහර එල්ල කල අතර අද දිනයේ දිමුත්ගේ ප්‍රතිරූපය විනාෂම කර දමා ඇත.

හෙට සහ අනිද්දා මැතිව්ස්ට හා චන්දිට මොහු ගැසීම අනිවාර්ය වන අතර මිට පෙර සිටි සභාපති සමග මෙම ක්‍රීඩකයා හොද සම්බන්ධයක් ගොඩනගාගෙන සිටි අතර උපුල් තරංගට නායකත්වය අහිමිවීම හා කණ්ඩායමේ ස්ථානය පවා අහිමි වන්නේ එතනින් පසුවයි. වර්තාමන පරිපාලනය පෙර පරිපලනයේම දිගුවක් වන නිසා මේ අසික්කිත තුච්ච ක්‍රියාවන් තවමත් අවසන් වී නැත.

ක්‍රීඩා ලෝලීන් ලෙස අප ජයග්‍රහණ පමණක් බලාපොරොත්තු වුවත් ඔවුන් ඒ අතර දේශපාලනයක් කරමින් සිටීම නිසා අපට මතක් වන්නේ ලෝක පුජිත ක්‍රීඩක මුරලි කියූ කතාවයි ලංකාවේ ක්‍රිකට් ආය කවදාවත් හදන්න බැ යයි කියූ කතාවයි.

මෙම වාර්තාව අප තැබුවේ කලින් වාර්තාව යමෙකුගේ උපක්‍රමයක ප්‍රතිපලයක් නම් ඒ පාර්ශව වලට වන හානිය අවම කිරීම වෙනුවෙන්. මේ කරුණු සියල්ල විමසා බලා බුද්ධිමත්ව ඔබට විශ්ලේෂණය කල හැකි අතර කුමන තරාතිරමක පුද්ගලයෙක් වුවත් අවසානයේ ලෝකයක් ජයගත් ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමට කොන්දේසි විරහිතව ඉදිරිපත් විය යුතුයි.

About article14

Check Also

එස් බි සහ මහින්ද හොර චන්ද දාපු විදිය එස්බීගේ කටින් ප්‍රසිද්දියේ කියපු විදිය

ප්‍රේමදාසගේ කාලයේ එස් බි මහින්ද ද එකතුව එවකට දේශපාලකයන් සමග හොර චන්ද පොදිට දාපු විදිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!