Breaking News
Home / දේශීය පුවත් / නායකයින් කැමති අය ඉන්නවා.මම දේශපාලනෙන් ඉවත් වෙන්න සූදානම් – සුජීව

නායකයින් කැමති අය ඉන්නවා.මම දේශපාලනෙන් ඉවත් වෙන්න සූදානම් – සුජීව

රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ පසුගිය දිනයක පැවති ජන හමුවකදී ආන්දෝලනාත්ම ප්‍රකාශයක් කලා. ඔහු කියාසිටියේ තමන් ලෝයර් කෙනෙක් නිසා ඒ වෘතියේ හිටියනම් අද ජනාධිපති නීතියකු බවත් එය මේ දේශපාලනය නිසා තමන්ට අහිමි වූ බවත් ප්‍රකාශ කලා. තමන්ගේ ඇමති පට්ටමෙන් පියන්ට තරම්වත් දෙයක් කල නොහැකි බවයි. දේශපාලනේ කලකිරීමෙන් වෙනත් පක්ෂයකට නොයන ලෙසත් අවශ්‍ය නම් දේශපාලනයෙන් ඉවත් වෙන බවත් පවසා සිටියා.

නායකන් කැමති ෆේවරිට්ලා ඉන්න බවත් ඔවුන් ඇමතිකම් ඕන විදියට කරන බවත් එය තමන්ට අදාල නොවන බවත් බැරි දිනකදි දේශපාලනයෙන් ඉවත් වන බවත් පවසා සිටියා.

සුජීව සේනසිංහ යනු යහපාලන ආණ්ඩුවේ ඡ්නද මැෂින්ය. ඔවුනට කිසිදු දෙයක් කල නොහැකි ලෙස ජනතා විරෝදයෙන් මග හැරීමට ඇමති පට්ටම් දී ඔවුන්ට දෙයක් කල නොහැකි වීමෙන් නැවත ජනතාව අතර අප්‍රසාදයට පත් කිරීමට හෙලූ කූට හා කපටි සහගත් උපක්‍රමයක් බව නිරීක්ෂමය කරන්නෙකුට දැකිය හැක. කෙසේ වෙතත් අතීතයේ මෙන් රනිල් වික්‍රමසිංහ හැමදාමත් අදත් ගජ මිතුරන්ට සැලකීම හා රැකගැනීම දිවිහිමියෙන් කරන වග පැහැදිලිය. මෙම අසාධාරනයට දැඩිව මුහුන දී ඇති ඇමති මන්ත්‍රිවරු ගනනාවක් සිටී.

යම් දේශපාලන විපර්යාසයක් සිදුවන අවස්තාවක ලොකු වෙනස්කම් සිදුවනු ඇත. එහෙත් එක් කාරණයක් පැහැදිලිය. 1994 සිට නායකත්වයේ සිටිමින් ගජමිතුරු සේවනය රොයල් කුරුදුවත්ත වලව් පැලැන්ති නඩත්තුව නිසා පක්ෂයට එයින් රටටත් කරගත් හානිය අතිමහත්ය. රනිල් වික්‍රමසිංහ යනු තනි මතයේ නායකයෙකි. ඔහුට මෙවර ආණ්ඩු බලය ගිලිහිනොත් නැවත ඔහුට බලයට ඒමට කිසිදු හැකියාවක් නැති වෙනු ඇත. යහපාලනය ගෙන ඒමට උදව් කල සියල්ලම සහ බිම් මට්ටමේ පාක්ෂිකයා ඔහු සමග එතරම් කුලුපග මිතුරුකමක් නැත. එනිසා ඔහු මේ ගෙවන්නේ ඔහුගේ දේශපාලන ජීවිතයේ අවසන් අවස්ථාවයි.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!