Breaking News
Home / ක්‍රිඩා / නායකයා හරියට කරන්නේ නැත්තම් තියාගෙන වැඩක් නෑ කියන ලබ්බා ආය තිසරවත් නායකයට යෝජනා කරලා

නායකයා හරියට කරන්නේ නැත්තම් තියාගෙන වැඩක් නෑ කියන ලබ්බා ආය තිසරවත් නායකයට යෝජනා කරලා

ඉන්දියාව සමග පැවැති දෙවැනි විස්‌සයි විස්‌ස තරගයේදී යළිත් පාදයේ ආබාධයකට ලක්‌වූ ඇන්ජලෝ මැතිව්ස්‌ට සම්පූර්ණ සුවය ලැබීමට සති හතරක පමණ කාලයක්‌ ගත වන බවට කණ්‌ඩායම් භෞතචිකිත්සකවරයා පවසා තිබේ.

ඒ අනුව ලබන ජනවාරි මස බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියට මැතිව්ස්‌ට ක්‍රීඩා කිරීමේ හැකියාව තිබෙන අතර ඔහු 100% ක්‌ සුවය නොලැබුවහොත් පළමු එක්‌දින තරගයද විවේක ගැන්වීමට ක්‍රිකට්‌ තේරීම් කමිටුව බලාපොරොත්තු වේ.

”අපි ක්‍රීඩකයන්ගේ ශරීර සෞඛ්‍ය 100% ක්‌ නැතිනම් අවධානමක්‌ අරගෙන තරග කරවන්නෙ නැහැ. භෞතචිකිත්සකවරයා කියල තියෙන විදිහට සති හතරකින් මැතිව්ස්‌ට සම්පුර්ණ සුවය ලැබෙයි. එහෙම නොවුණොත් තුන්කොන් තරගාවලියේදී පළමු තරගය හෝ දෙක ඔහුට විවේක ගන්න වේවි.” යෑයි ලැබ්බ්‍රෝයි මහතා පවසයි.

මේ අතර එළැඹෙන 2019 ලෝක කුසලානය වෙනුවෙන් ස්‌ථිර නායකයකු පත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව කටයුතු යොදා ඇති අතර අදාළ නායකත්වයට මේ වන විට ඇන්ජලෝ මැතිව්ස්‌, දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා යෝජනා කර තිබේ.

ලබන මස බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ සිට නව නායකයා පත් කරන බවත් අනතුරුව ඔහු දක්‌වන දක්‍ෂතා මත ලෝක කුසලානය වෙනුවෙන් එම පත්වීම ස්‌ථිර කරන බවත් ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි මහතා පැවසීය.

‘අපි දැනට ඇන්ජලෝ මැතිව්ස්‌, දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා තිදෙනාගෙන් එක්‌ අයකුට නායකත්වය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන පුහුණුකරු චන්දික හතුරුසිංහ සමගත් සාකච්ඡා කරමින් ඔවුන්ගේ දක්‍ෂතා සහ අනාගතයට ගැලපෙන හොඳම කෙනාව තෝරා ගන්නවා. කොහොම වුණත් පත්කරන නායකයා 2019 ලෝක කුසලානට යනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ඔහු දක්‌වන දක්‍ෂතා මත. නායකයා හරියට කරන්නෙ නැතිනම් 2019 තෙක්‌ පත්කරලා වැඩක්‌ නැහැ. ඒ නිසා තරගාවලියෙන් තරගාවලිය අපි බලනවා මොකද කරන්නෙ කියලා.’ යනුවෙන් ලැබ්බ්‍රොයි මහතා පවසයි.

මෙම 2017 වසරේදී ශ්‍රී ලංකා එක්‌දින කණ්‌ඩායම සහභාගි වූ තරග 29 කින් 23 ක්‌ පරාජය වී ඇති අතර ජය ගෙන ඇත්තේ තරග පහක්‌ පමණි. එම ජයග්‍රහණ පහෙන් ඉන්දියාවට එරෙහිව සහ සිම්බාබ්වේට එරෙහිව තරග දෙක බැගින්ද බංග්ලාදේශයට එක්‌ තරගයක්‌ වශයෙන්ද ශ්‍රී ලංකාව ජය ගෙන තිබේ. අදාළ තරග 29 මෙහෙයවීම ඇන්ජලෝ මැතිව්ස්‌, උපුල් තරංග, ලසිත් මාලිංග, චාමර කපුගෙදර සහ තිසර පෙරේරා විසින් සිදුකර තිබේ. නායකයන් පස්‌දෙනකු වසරක්‌ තුළ කණ්‌ඩායම මෙහෙයවීමද ශ්‍රී ලංකා එක්‌දින පරාජයේ තවත් පැතිකඩක්‌ වී තිබේ.

වාර්තා වන අන්දමට ඇන්ජලෝ මැතිව්ස්‌ නායකත්වයට පත්වුවහොත් ඔහුගේ උපනායකයා වශයෙන් දිනේෂ් චන්දිමාල්ව පත්කරන අතර චන්දිමාල් නායකත්වයට පත්වුවහොත් ඔහුගේ උපනායකයා වශයෙන් තිසර පෙරේරාව පත්කිරීමටද යෝජනා වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්‌සේ වාර්තා වේ. නමුත් මේ සම්බන්ධයෙන් ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේ මෙවැනි අදහසකි.

‘අපි 28 වැනිදා තමයි පුහුණුවීම් ආරම්භ කරන්නෙ. ඒ සෑම පුහුණුවීමකින් අනතුරුව රැස්‌වීමක්‌ තියෙනවා. එතනදි අපි කතා කරනවා කවුද පත්කරන්නෙ කියලා.’ යනුවෙන් ලැබ්බ්‍රෝයි මහතා පවසයි.

1975 වසරේ ශ්‍රී ලංකා එක්‌දින කණ්‌ඩායමේ පළමු නායකයා ලෙස අනුර තෙන්නකෝන් පත්වීමේ සිට මේ දක්‌වා ශ්‍රී ලංකා එක්‌දින කණ්‌ඩායමට පත්වූ නායකයන් විසිදෙදෙනකුගෙන් සිව්දෙනකුම 2017 වසරේ පත්වූ නායකයන් වේ. දැනට යෝජනා වී ඇති නායකයන් අතුරින් ඇන්ජලෝ මැතිව්ස්‌ එක්‌දින තරග 98 කට නායකත්වය දී ඉන් තරග 47 ක්‌ ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්ව තිබේ. ඔහුට තරගයක්‌ ජයග්‍රහණය කරා මෙහෙයවීමේ ප්‍රතිශතය සඳහන් වන්නේ 50.07% කි.

වත්මන් ටෙස්‌ට්‌ නායක දිනේෂ් චන්දිමාල් එක්‌දින තරග තුනකට නායකත්වය දී ඇති අතර ඉන් තරග දෙකක්‌ ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්ව තිබේ. තිසර පෙරේරා එක්‌දින තරග තුනකට නායකත්වය දී එක්‌ තරගයක්‌ ජයග්‍රහණය කරා මෙහෙයවද්දී තරග දෙකක්‌ පරාජය වී තිබේ. ඒ අනුව නායකත්වයේ අත්දැකීම් අතින් ඇන්ජලෝ මැතිව්ස්‌ සහ දිනේෂ් චන්දිමාල් ඉදිරියෙන් පසුවේ.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිල නොවන අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව ශ‍්‍රි ලංකා එක්දන කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල් හට හිමිවන බවට වාර්තා වෙයි.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!