Breaking News
Home / දේශීය පුවත් / නාමයෝජනාවත් හරියට හදාගන්න බැරිවුන පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රථික්ෂේප වුන ආයතන මෙන්න

නාමයෝජනාවත් හරියට හදාගන්න බැරිවුන පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රථික්ෂේප වුන ආයතන මෙන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහරගම නගර සභාව, වැලිගම නගර සභාව සහ පානදුර නගර සභාවටත්  බදුල්ල, මහියංගනය  සහ අගලවත්ත ප්‍රාදේශීය සභා සඳහාත් ඉදිරිපත් කරන ලද නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව යන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍රද විවිධ කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු  බව ඒ ඒ  දිස්ත්‍රික්ක භාර තේරීම් භාර නිලධාරීහු පැවසූහ.

නියමිත පරිදි කාන්තා අපේක්ෂක සංඛ්‍යාව ඇතුළත් නොකිරීම අපේක්ෂකයන්ගේ අත්සන් නිසි පරිදි නොතිබිම, ස්ත්‍රී පුරුෂ භාවය නිසි පරිදි සඳහන් නොකිරීම  සහ පක්ෂ විසින් නම් කරන ලද පුද්ගලයා නාමයෝජනා භාර නොදීම වැනි කරුණු කිහිපයක් මත නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කරන බව නිලධාරීහු පැවසූහ.

පළාත් පාලන ආයතන 93 කට අදාළ නාමයෝජනා බාරගැනීම (14) අද දහවල් 12.00 අවසන් වීමත් සමඟ දහවල් 12.00 සිට පස්වරු 01.30 දක්වා විරෝධතා ගොනුකිරිම සඳහා කාලය දී තිබිණ. අනතුරුව නාම යෝජනා පත්‍රවල නිරවද්‍යතාවය සොයාබැලීම  තේරීම් භාර නිලධාරීන් විසින් කරන ලද බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසීය.

නීතිමය ගැටලු නොමැති පළාත් පාලන ආයතන 93 පළමු අදියර යටතේ නාම යෝජනා පත්‍ර භාර ගැණින. අනෙකුත් පළාත් පාලන ආයතන 248 නාමයෝජනා බාරගැනීම ලබන 18 වනදා සිට 21 වනදා දහවල් 12.00 දක්වා කෙරෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් වරයා පැවසීය.

About article14_2

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!