Breaking News
Home / දේශීය පුවත් / නව එජාප නියෝජ්‍ය නායක හා සභාපති පත්කිරීමට දින නියමවේ

නව එජාප නියෝජ්‍ය නායක හා සභාපති පත්කිරීමට දින නියමවේ

එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වී පවතින නියෝජ්‍ය නායක සහ සභාපති යන තනතුරු කඩිනමින් පත්  කිරීමට තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය මාස දෙකකට වැඩි කලක් පුරප්පාඩුව නොපැවැත්විය යුතු බවට වන විධිවිධාන හේතුවෙන් ඉහත පුරප්පාඩු පිරවීම කඩිනම් කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ .

මීට අමතරව එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය පූර්ණ කාලීන තනතුරක් ලෙස ක්‍රියාත්මක කරවීම පිළිබඳව ද පක්ෂ අභ්‍යන්තරයෙහි යෝජනා ඉදිරිපත් පවතී .

පක්ෂයේ තනතුරු පිරවීම මෙන්ම ප්‍රතිසංවිධාන  වැඩපිළිවෙළට අදාළ යෝජනාව එකිනෙකට සමගාමී සාකච්ඡාවක් ලෙස පවත්වන්නැයි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා (10) උපදෙස් දී ඇත..

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!