Breaking News
Home / දේශීය පුවත් / නවසීලන්තයේදී යකා වැහුන තිසර බංගලාදේශ ප්‍රිමියර් ලිගයේත් යකා වහගයි හයේ පහර වරුසාවක් සමග පන්දු 26 කින් නොදැවී ලකුණු 76 ක් ලබාගත් විදිය

නවසීලන්තයේදී යකා වැහුන තිසර බංගලාදේශ ප්‍රිමියර් ලිගයේත් යකා වහගයි හයේ පහර වරුසාවක් සමග පන්දු 26 කින් නොදැවී ලකුණු 76 ක් ලබාගත් විදිය

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට අදාළව ඩකා හි මීර්පුර් ක්‍රීඩාංගනයේ චිතගොන් වයිකිංග්ස් පිලට එරෙහිව පැවති තරගයේදී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා වේගවත් ලකුණු 74 ක් රැස් කර තිබෙනවා.ඒ, පන්දු 26 කදියි.

තිසර නවසීලන්තයේදී ශතකයක් හා අර්ධ ශතකයක් ලබා ගත් අතර තිසරගේ මේ ගෙවෙන්නේ තමන්ගේ ක්‍රිකට් ජිවිතයේ හොදම කාලය බවයි විචාරකයන්ගේ අදහස.තිසර පිටියට පැමිණියේ 5 වන කඩුල්ල දැවීගොස් සිටියදී. 6 වන කඩුල්ලේ සම්බන්ධය ලකුණු 98 ක්.

එයට පන්දු 46 ක් ඇතුලත්. එයින් ලකුණු 76 ක්ම ලබා ඇත්තේ තිසර විසින් වීමත් ප්‍රහාරයේ දැවැන්ත බාවය කියවෙන හොදම වාර්තාවයි. අනෙක් අන්තයෙන් පන්දු 20 කට ලබාගෙන ඇත්තේ ලකණු 22 ක් පමණයි.

මෙම තරගයේදී කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 05 ක් දැවී ලකුණු 184 ක් රැස් කරගත්තා.කෙසේ වෙතත් චිතගොන් වයිකිංග්ස් කණ්ඩායම 19 වන පන්දු වාරයේදී කඩුලු 06 ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වුණා.

මෙම තරගයේදී තිසර පෙරේරා සිය වේගවත් ලකුණු 74 රැස් කරනු ලැබුවේ දැවැන්ත හයේ පහර 8 ක් සහ හතරේ පහර 3 ක් සමඟින්.තිසර පෙරේරාගේ ඉනිම පහතින්

About article14

Check Also

විදුලිය හිටි හැටියේ කැපෙන්නේ වැඩි මිලට පිටින් විදුලිය මිලට ගැනීමේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් මත බව සේවකයන් චෝදනා කරයි

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව විදුලි ඉංජිනේරුවරුන් පවසනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!