නවසිලන්ත සංචාරයට සහභාගිවන පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 කට කොරෝනා වලදී ඇති බව දැන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරනවා. මේ ක්‍රීඩකයන් ද නැතිනම් වෙනත් සාමාජිකයන්ද යන්න තවමත් මාධ්‍ය තහවුරු කර නැ. නවසිලන්ත සෞඛ්‍ය අමාත්නශය පවසන්නේ 53 කින් යුතු කණ්ඩායමක් ක්‍රයිස්චර්ච් බලා 24 වන පැමිණි බවයි. එහෙත් ලාහෝර් නුවරින් මේ කණ්ඩායම පරික්ෂා කලත් කිසිවකුට ලක්ෂණ හෝ වෛරසය ආසාදනය වී නැති බවද පවසනවා.
කිසිවකුට මේ වන විට රැදී සිටින හෝටල් වලින් එලියට පැමිණීමට අවස්තාවක් නැති බවත් කිසිදු පුහුණුවීම් කටයුත්තක් මේ නිසා සිදු නොවන බවත් නවසිලන්ත සෞඛ්‍ය අංශ පවසනවා. ඔවුන් සියල්ලට සියලු පහසුකම් සහිතව නිරෝධායනය කර ඇති බවත් සදහන්. සංචාරය ආරම්භ වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 18 වනදා සිටයි.