Breaking News
Home / ක්‍රිඩා / නවසිලන්ත එක්දින තරගාවලියෙන් පසු තිසර ලෝක පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ස්ථාන 22 ක් ඉදිරියට. ඕස්ට්‍ර්ලියාව ඉන්දියාවෙන් වූ අවමානය ලංකාවෙන් වහගන්න යයි

නවසිලන්ත එක්දින තරගාවලියෙන් පසු තිසර ලෝක පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ස්ථාන 22 ක් ඉදිරියට. ඕස්ට්‍ර්ලියාව ඉන්දියාවෙන් වූ අවමානය ලංකාවෙන් වහගන්න යයි

නවසීලන්ත තරගාවලියේදී දැක්වූ දක්‍ෂතා මත ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයින් කිහිප දෙනෙකු නවතම එක්දින කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ඉදිරියට පැමිණ තිබෙනවා.පන්දු යවන්නන් අතර ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින් ලසිත් මාලිංග මේ වනවිට පසුවන්නේ 46 වන ස්ථානයේයි.

පිතිකරුවන් අතර ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් නිරෝෂන් දික්වැල්ල 26 වන ස්ථානයේත්, ස්ථාන 22 ක් ඉදිරියට පැමිණෙමින් තිසර පෙරේරා 65 වන ස්ථානයේ පසු වනවා.

ස්ථාන 7 ක් ඉදිරියට පැමිණි කුසල් ජනිත් පෙරේරා පසුවන්නේ නවතම ශ්‍රේණිගත කිරීමේ 66 වන ස්ථානයේයි. ස්ථාන 11 ක් ඉදිරියට පැමිණි ධනුෂ්ක ගුණතිලක පිතිකරුවන් අතර 82 වන ස්ථානයට පත්ව තිබෙනවා.එසේම නවසිලන්ත සංචාරයෙන් පසු කෙලින්ම ලංකා කණ්ඩායම ඔස්ට්‍ර්ලියව වෙත යන්නේ ටෙස්ට් තරග දෙකකටයි.

එය ලබන 24 ආරම්භ වීමට නියමිතයි. ඔස්ට්‍රලියාව ඉන්දියාව හමුවේ දැඩි පරාජයකට ලක්වූ නිසා ඔවුන් සුදානම් වන්නේ එම අවමානය ලංකාවෙන් වසාගැනිමටයි. ශී‍්‍ර ලංකාවට එරෙහි ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේදී සිය පිතිකරණ ශක්තිය වර්ධනය කර ගැනීමට ඕස්ටේ‍්‍රලියාව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව විසි හැවිරිදි නවක කී‍්‍රඩකයෙකු වන විල් පොකෝව්ස්කි කණ්ඩායමට කැඳවා ඇති අතර ප‍්‍රබල කී‍්‍රඩකයින් දෙදෙනෙකු වන ජෝ බර්න්ස් සහ මැක් රැම්සෝව් ද යළි කැඳවීමටයි තීරණය කර ඇත්තේ.ඊට ප‍්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ ඉන්දියාවට එරෙහි තරගාවලියේදී ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් දැක්වූ දුර්වල කී‍්‍රඩා විලාශයයි.

4 වන ටෙස්ට් තරගයේදී ඔවුන්ට පිට පිට දෙවන වරටත් පන්දුවට පහරදීමට සිදුවූ අතර සිය මව් රටේදී ඕස්ටේ‍්‍රලියාවට එවැනි ඉරණමක් පත්වූයේ වසර 31 කට පසුවයි.ම්ම්

About article14

Check Also

මිහින්තලා පුජා භුමිය ලෝක උරුමයක් කර පොසොන් රාජ්‍ය උත්සවයක් කිරීමට සුදානමක්

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!