Breaking News
Home / ක්‍රිඩා / නවතම ICC ශ්‍රේණිගත කිරීම් වලින් තිසර ලෝකෙන්ම 6 වන ස්ථානයට ලොකු කුසල් ස්ථාන 20 ක් පොඩි කුසල් ස්ථාන 27 ක් ඉදිරියට

නවතම ICC ශ්‍රේණිගත කිරීම් වලින් තිසර ලෝකෙන්ම 6 වන ස්ථානයට ලොකු කුසල් ස්ථාන 20 ක් පොඩි කුසල් ස්ථාන 27 ක් ඉදිරියට

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරඟාවලියේදී දස්කම් දැක්වූ කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් අයි.සී.සී. විස්සයි විස්ස පිතිකරු දර්ශකයේ ඉදිරියට පැමිණ තිබෙනවා.

කුසල් ජනිත් පෙරේරා එහි ස්ථාන 20ක් ඉදිරියට පැමිණ 20 වන ස්ථානයට පැමිණ ඇති අතර, කුසල් මෙන්ඩිස් ස්ථාන 27ක් ඉදිරියට පැමිණ හිමි කරගෙන සිටින්නේ 48 වන ස්ථානයයි.

කුසල් ජනිත් පෙරේරා නිදහස් කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගත් ක්‍රීඩකයා වන අතර ඔහු රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 204ක්.

නිදහස් කුසලාන තරඟාවලියේදී දස්කම් දැක්වූ නවක ඉන්දීය ක්‍රීඩකයන් වන වොෂින්ටන් සුන්දර් සහ යුස්වේන්ද්‍ර චහාල් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණියා.

චහාල් ස්ථාන 12කින් ඉදිරියට පැමිණ දෙවන ස්ථානය හිමිකරගෙන සිටින අතර, සුන්දර් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ 31 වන ස්ථානයට පැමිණ ඇත්තේ ස්ථාන 151ක් ඉදිරියට පැමිණෙමින්.

තරඟාවලියේ දී දස්කම් දැක්වූ අකිල ධනංජය පන්දු යවන්නන්ගේ දර්ශකයේ 35 වන ස්ථානය හිමි කරගෙන සිටිනවා.

එසේම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර තිසර පෙරේරා අංක 6 ට පැමිණි අතර ඇන්ජලෝ 19 දක්වා පහත බැස තිබෙනවා. ලංකාවට කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී හිමිවී ඇත්තේ 8 වන ස්ථානයයි.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!