Breaking News
Home / ක්‍රිඩා / නරක පුද්ගලයන් පත්වන්නේ හොද මිනිසුන් ඡන්දය නොදැම්මොත් කියපු එක පක්ෂ දේශපාලනයට ගත්ත එකට සංගා කනගාටුවෙන්

නරක පුද්ගලයන් පත්වන්නේ හොද මිනිසුන් ඡන්දය නොදැම්මොත් කියපු එක පක්ෂ දේශපාලනයට ගත්ත එකට සංගා කනගාටුවෙන්

Image result for sangakkara

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාර පසුගියදා තම ට්විටර් ගිණුමේ තබා තිබු සටහනක් දේශපාලන වාසි ගැනීම සඳහා කිසිවකු හෝ යොදා ගනු ලබන බවට සංගා විශ්වාස කිරීම නිසා ඔහු නැවත තම ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙන්නේ තමන් කියපු දෙය දේශපාලන වාසි ලබා ගැනීම සඳහා යොදා නොගන්නා ලෙසය.

සංගා හිටපු ඇමරිකා ජනාධිපති වරයකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පවසා තිබුනේ ” ඔබ ලංකාවේ කොහේ ජීවත් වුනත් ලබන 10වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී මතක තබා ගත යුතු කරුණක් තිබෙනවා. නරක පුද්ගලයින් තෝරාපත් නොකිරීමට වගබලා ගන්න. හොද පුද්ගලයින් විසින් නරක පුද්ගලයින් තේරීමෙන් වලකින්න.”යනුවෙන් ප්‍රකාශයකි.

මෙම ප්‍රකාශය තුල තම චන්දය භාවිතා කරන්න යන්න දිරිමත් වන නිසා,සංගාගේ මෙම ප්‍රකාශය තම මනාපය භාවිතා කල යුතුය යන මතය දැරූ කණ්ඩායම තම වාසියට යොදා ගනිද්දී “මැතිවරණයේ චන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටින්න “ලෙස මතයක් ඉදිරිපත් කරන කොටසකගේ විවේචනයට සංගාගේ මේ ප්‍රකාශය ලක්වී තිබිණි.

මෙම තත්වය තුල සංගා නැවත පවසා ඇත්තේ තමා කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොමැති බවත් තමා දේශපාලන පක්ෂයකට සහාය දක්වන බවට වාර්තා වෙන පුවත් අසත්‍ය බවත්ය.

“කනගාටුයි මම කියපු දේ දේශපාලනයට සම්බන්ද කර ගෙන දේශපාලන වාසි ගන්න යොදා ගන්න එක ගැන,මම දේශපාලන පක්ෂයකට කිසි සම්බන්දයක් නෑ.මට එතන දේශපාලන පක්ෂයකට උදව් කරන අදහසක් තිබුනේ නෑ.මම ඒ සටහන තියන අරමුණ තමයි පක්ෂයක් මුල්කර ගන්නේ නැතුව රට ගැන හිතන්න කියන එක පෙන්වන එක.”

සංගා පළමුවෙන් තැබූ සටහන බලන්න මෙතන ක්ලික් කරන්න

https://goo.gl/VpxtFq

About lanka

Check Also

රට රකින රණවිරුවන් අතර මිනිස් කමටත් නිගාවෙන තිරිසන්නුත් ඒ අතර හෙදිය සමග යාලුවී සමුහ දුෂණය කල අපරාධයේ කලකිරෙන සංවේදී කතාව

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!