Breaking News
Home / Video / නයි වෛරෙන් සිටි රටවල් දෙක එකවර මිතුරුවීමේ රහස තවත් ප්‍රශ්නයක් කරමින් කිං ජොන්ගේ පෑන ගැන සැකයක්

නයි වෛරෙන් සිටි රටවල් දෙක එකවර මිතුරුවීමේ රහස තවත් ප්‍රශ්නයක් කරමින් කිං ජොන්ගේ පෑන ගැන සැකයක්

පසුගියදා ලොව පුරා කතාබහට ලක්වූ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හා උතුරු කොරියා නායක කිම් ජොන් අතර හමුවේදී ගිවිසුම්වලට අත්සන් කිරීමේදී, ඇමෙරිකා නියෝජිතයන් ලබා දුන් පෑන අතට නොගෙන වෙනත් පෑනකින් එම ගිවිසුම්වලට අත්සන් තැබීමට කිම් ජොන් උන් කටයුතු කර තිබුණා.

ඒ පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍යවල කතාබහට ලක්ව ඇති අතර උතුරු කොරියා නායකයා එසේ කරන්නට ඇත්තේ ඇමෙරිකානුවන් විසින් ලබා දුන් පෑනේ විෂ කැවීමක් කර ඇතැයි සැකයක් මතුවුණු නිසා විය හැකි යැයි ද විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.

කිම් ජොන් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන අයෙකු වන අතර ගිවිසුම් සඳහා අත්සන් කරද්දී, ඔහුගේ උපදේශිකාව මෙන්ම ඔහුගේ නැගණිය ද වන කිම් යෝ ජොං ද ඒ අසල සිටියාය.

ඇමෙරිකානුවන් දුන් පෑන් අතට ගැනීම වළක්වමින් තම සොයුරාට ඇය ඇය ළඟ ඇති පෑන ලබා දෙන දසුන් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා.

About lanka

Check Also

‘රගනොපා ඔබතුමාගේ ශ්‍රීමත් ජනාධිපතිට කියලා මාධ්‍යවේදීන් ඝාතනය කල උන්ට දඩුවම් දෙන්න’ මාධ්‍යවේදීන්ගේ නමින් ගම් හදන්න සමරුපලක තැබූ සජිත්ගේ රෙදි පොද්දල ජයන්ත ගලවයි

රාජපක්ෂ පාලන සමයේ දී ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග, පැහැර ගැනීමට ලක්වූ කීත් නොයාර්, පෝද්දල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!