Breaking News
Home / ක්‍රිඩා / නයි නටවන බංගලියන් ඉතිහාසයේ දෙවන වරට ආසියා කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලබයි. 28 ඉන්දියාව සමග අවසන් තරගය

නයි නටවන බංගලියන් ඉතිහාසයේ දෙවන වරට ආසියා කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලබයි. 28 ඉන්දියාව සමග අවසන් තරගය

ආසියානු කුසලානයේ ඊයේ (26) පැවති තරගයෙන් පාකිස්ථානය පරාජයට පත් කරමින් ලකුණු 37ක ජයග්‍රහණයක් වාර්තා කිරිමට බංග්ලාදේශය පිල සමත් විය.

කාසියේ වාසියේ දිනා මුලින්ම පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සිය සියලු දෙනා දැවි පන්දුවාර 48.5කදි ලකුණු 239ක් රැස් කර ගනු ලැබුවා.

බංග්ලාදේශ ඉණිමේ මුල් කඩුලු 3 ලකුණු 12කට දැවි ගියා. ඉන් පසුව මුෂ්ෆිකර් රහිම් (99) සහ මොහොමඩ් මිතුන් (60) එක්ව සිවුවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 144ක සම්බන්ධතාවයක් එක් කරමින් කඩා වැටුනු බංග්ලාදේශ ඉණිම ශක්තිමත් කළා.

ජයග්‍රාගි ලකුණු 240ක ඉලක්කයක් හඹා යාමට පැමිණි පාකිස්ථාන පිතිකරුවන්ට සාර්ථක විමට ඉඩ නොදුන් බංග්ලාදේශ පන්දු යවන්නන් සාර්ථක පන්දු යැවිමක නිරත විය.

Image result for pakistan vs bangladesh

පාකිස්ථානය සිය පන්දු ඕවර 50 අවසානයේදි කඩුලු 9ක් දැවි වාර්තා කලේ ලකුණු 202ක් පමණයි. පාකිස්ථානය වෙනුවෙන් ඉමාම් උල්-හක් ලකුණු 83ක් වාර්තා කරන ලදි. දක්ෂ පන්දු යැවිමක නිරතවු මුස්ටෆිසුර් රෙහෙමාන් ලකුනු 43 කට කඩුලු 4ක් දවා ගන්නා ලදි.

මේ අනුව ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට(28) ඉන්දියාව සමග බංග්ලාදේශය තරග වැදිමට නියමිතයි.

බංගලාදේශය අවසන් තරගයකට ඉතිහාසයේ මුලින්ම මුහුණ දෙන්නේ 2012 දී බංගලාදේශයේ පැවති ආසියානු කුසලානයෙයි. එහිදී පකිස්තානය සමග තරග වැදුන ඔවුන් අවසන් පන්දුවාරයේදී පරාජය කරන්නට පකිස්තානය සමත්වුනේ දෙවන වර ආසියානු කුසලානය ඔවුන් සතු කරගනිමින්.

ඉතිහාසයේ බංගලාදේශය තවමත් ප්‍රධාන තරගාවලියක් ජය ගැනීමට සමත්ව නැ. මෙවර නැවත ඔවුන්ට අවස්තාවක් ලැබී ඇති අතර කඩා වැටුන කණ්ඩායම ප්‍රභලයින් නැති වුවත් අලුතින් පැමිණෙන තරුණ ක්‍රිඩකයින් තමන්ගේ කාර්ය මැනවින් ඉටු කරමින් කණ්ඩායම ඉහලට ඔසවන ආකාරයක් දුටුවා. හොදම උදාහරණය මොහොමඩ් මිතුන් මෙහෙදී හසාන් වැනි ක්‍රීඩකයින්. ජෙෂ්ටයන්ට හොද සහයක් දෙමින් ඔවුන් කාර්ය ඉටු කරමින් සිටිනවා.

ඉන්දියාව මෙම තරගාවලිය ජයගතහොත් ඒ 7 වන අවස්තාව වන අතර ලංකාව අවස්ථා 4 ක් හා පකිස්තානය අවස්ථා දෙක බැගින් ආසියානු කුසලාන ජයගෙන තිබෙනවා. ඉන්දියාව මේ තරගාවලියේද සුපුරුදු ලෙස ප්‍රභල හා පහසුවෙන් කෝලි නොමැතිවත් තරග සියල්ල ජයගත් අතර බංගලියන් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සහා දරනු ඇති

About article14

Check Also

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා සෝබිත හිමි දේහයට දිවුරලා බලය රැකගන්න බැසිල් ලග වැද වැටුනා – මහාචාර්ය සරත් විජේසුරිය

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි.- මහාචාර්ය සරත් විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!