Breaking News
Home / ක්‍රිඩා / නයිට් ක්ලබ් නිසා ක්‍රිකට් ජීවිතය විනාශ කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් 20 වන නායකයා

නයිට් ක්ලබ් නිසා ක්‍රිකට් ජීවිතය විනාශ කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් 20 වන නායකයා

2005 ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 6-1 ලෙස දරුණු පරාජයකට ලක්වීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි එවකට පුහුණුකරු ටොම් මුඩිට කණ්ඩායමට තරුණ ජවය අවශ්‍ය යයි දැඩිව හැගී ගිය නිසා ඔහු ශ්‍රී ලංකා පළමුපෙළ ක්‍රීඩා කරන තරුණයන් කෙරෙහි තම දැඩි අවධානය යොමු කල අතර එහිදී ඔහුගේ හිතගත් තරුණයකු වුයේ එවකට වයස 18 ක් වූ චාමර කපුගෙදර ය.

කපුගෙදරගේ දක්ෂතා පිළිබඳව එවකට සිටි තේරීම් කමිටුවට පැහැදිලි කලද තේරීම් කමිටුවේ මතය වුයේ 19 න් පහල සංචිතයෙන් පවා හැලුන ක්‍රීඩකයෙකු ජාතික කණ්ඩායමට සුදුසු වන්නේ කෙසේද යන්නයි.නමුත් මුඩි දැඩිව කපුගෙදර විශ්වාස කිරීමත් එවකට තේරීම් කමිටු සභාපති ලලිත් කළුපෙරුම මුඩි සමඟ සිටීමත් නිසා කපුගෙදරට ජාතික කණ්ඩායමේ අවස්ථාව ලැබී ඕස්ට්‍රේලියා සංචාරයකට යාමට පිටත්වෙයි.

එම සංචාරයේ පළමු තරඟයේම ග්ලෙන් මැග්‍රාත් ,බ්‍රෙට් ලී හමුවේ ප්‍රහාරයක් දියත් කරන කපුගෙදර තරඟාවලියේ අවසාන තරඟය ජයග්‍රහණයට උදව් වන වේගවත් ඉනිමක් හයේ පහර 3ක් සහ හතරේ පහර දෙකක් සමඟින් පන්දු 21 කදී ලකුණු 38 ක් ලබා ගන්නේ මුඩි ගේ සොයා ගැනීමට සාධාරණයක් ඉටුකරමිනි.

එම වසරේ අවසානයේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගනයෙදී තම ටෙස්ට් වරම් ලබන චාමර කපුගෙදර,මුඩි හදුන්න්වන්නේ ශ්‍රී ලංකාවේ අනාගත අරවින්ද ද සිල්වා ලෙසය.

තරුණ අවදියේම නුවරින් කොළඹට පැමිණෙන චාමර කොළඹ රාත්‍රී ජීවිතයට පුරුදු වීම ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ මහත් අවාසනාව බවට පත්වේ.මෙම ජීවිතය සමඟ දක්ෂතා වලින් පිරිහෙන කපුගෙදර ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාවත් අහිමිකර ගන්නේ ඔහුගේ දක්ෂතාවයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි වීමෙනි.

අවසානයේ එක්දින තරඟ 100 ක් සම්පුර්ණ කරන විට කපුගෙදරගේ ඉනිමක සාමාන්‍යය දැක්වෙන්නේ 21 ලෙසය.අර්ධ ශතක 8කට පමණක් හිමිකම් කියන කපුගෙදර එකම ශතකයක්වත් රැස් කර ගෙන නැත.

අනාගත අරවින්ද කෙනෙක් වේවි යයි එදා සිහින දුටු මුඩි සහ ප්‍රේක්ෂකයන්ගේ අපේක්ෂා සුන් කල කපුගෙදරගේ ජාත්‍යන්තර දක්ෂතා පමණක් නොව දේශීය තරඟ බිමේ දක්‍ෂතාද ගතයුත්තක් නැත.

කාලයක් තිස්සේ පළමුපෙළ තරඟ වලට සහභාගී වන කපුගෙදරගේ ඉනිමක සාමාන්‍යය 32 කි.list A තරඟ වල ලකුණු සාමාන්‍යය 28 කි.

මෙවැනි දුර්වල තරඟ අතීතයකට පසුව තම මංගල තරඟය නායකත්වය ලැබීමෙන් අනතුරුව කපුගෙදර ප්‍රකාශ කර තිබුනේ තමාගේ අතීතය අමතක කර අනාගතය වෙනුවෙන් ක්‍රීඩා කරන බවකි.

“Whatever that happened is in the past and I am not going to look at the past. It’s all about what’s going to happen from tomorrow,”

කපුගෙදර පිළිබඳව මෙම දීර්ග සටහනේ අවසානයට cricbuzz පෙන්වා දෙන්නේ කණ්ඩායමේ අස්ථාවර ක්‍රීඩකයෙකු මෙලෙස තරඟ දෙකකට වුවද නායකත්වයට පත්කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ගත් තවත් වැරදි තීරණයක් බවයි.

Supirigossip

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!