Breaking News
Home / දේශීය පුවත් / නඩු තීන්දුව සමග වියරු වැටි ජොන්ස්ටන්ගේ ලේකම්වරයෙක් වන කුරුණෑගල නගරාධිපති තුෂාර එජාපෙ අශෝක අබේසිංහගේ නිවසට පහරදෙයි.

නඩු තීන්දුව සමග වියරු වැටි ජොන්ස්ටන්ගේ ලේකම්වරයෙක් වන කුරුණෑගල නගරාධිපති තුෂාර එජාපෙ අශෝක අබේසිංහගේ නිවසට පහරදෙයි.

කුරුණෑගල දිස්ත්‍රික් එජාප පා.මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාගේ කුරුණෑගල නිවසට අද රාත්‍රී 9.15ට පමණ මැර ප්‍රහාරයක් එල්ලව තිබේ. කුරුණෑගල පොහොට්ටු නගරාධිපති තුෂාර සංජීව, නාගරික මන්ත්‍රීවරුන් වන කුමාරදාස සහ රණසිංහ යන අය හා පොහොට්ටුවේ මැර කණ්ඩායමක් මීට සහභාගීව තිබේ.

නගරාධිපති තුෂාර ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ලේකම්වරයෙක්ද වනවා. අද (3) නඩු තීන්දුව ලැබීමත් සමග පොහොට්ටු පාර්ශ්වය තැනින් තැන ප්‍රචණ්ඩව හැසිරෙමින් සිටින බව වාර්තා වනවා.

අද දුන් නඩු තීන්දුව පිළිනොගන්නා බව මහින්ද පැවසීමත් සමග රට පුරා විවිධ ස්ථානවල මෙවන් සිද්දි වාර්තව්වෙමින් තිබෙනවා බවයි පැවසෙන්නේ. එම සිද්දීන් පිළිබද වීඩියෝ සහ වාර්තා එලිකිරීමට විපක්ෂ පාර්ශව සුදානම් වනවා.

කෙසේ වෙතත් රට එකම අවුල් ජාලයක් වීමට ඉඩ ඇති බවයි විචාරකයන් පවසන්නේ. ප්‍රශ්නය විසදීමට කිසිම අවංක උත්සහයක් සිරිසේන නොගන්න බව මේ වනවිට සහතික වී ඇත

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!