Breaking News
Home / ක්‍රිඩා / ධනුෂ්ක ගුණතිලක තමන්ට පැනවු තරග තහනමට එරෙහිව පියවරක් ගනියි

ධනුෂ්ක ගුණතිලක තමන්ට පැනවු තරග තහනමට එරෙහිව පියවරක් ගනියි

එක්දින තරග 6 ක් සඳහා පැනවූ තහනම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.  විනය විරෝධී හැසිරීමක් නිසා තරග 6ක තහනමක් හා වාර්ෂික ගිවිසුමෙන් 20% ක් දඩ වශයෙන් අයකර ගැනීමත් එම දඬුවමට අයත්. කණ්ඩායමට නුසුදුසු ආකාරයට හැසිරීම, තරග අතරතුර සාදවලට සහභාගී වීම, මත්පැන් පානය කිරීම, තරග සඳහා නියමිත වෙලාවට වාර්තා නොකිරීම, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගී නොවීම ආදී චෝදනා ඔහුට එල්ල වූ බව සඳහන්.

වමත් ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන ධනුෂ්ක  ලකුණු අතර සිටි අතර ඔහුගේ එක්‌දින ඉනිමක සාමන්‍ය 32.81 ක්‌ වනවා. මෙම වසරේදී ඔහු ක්‍රීඩා කළ එක්‌දින තරග 12 කදී පිතිකරුවකු ලෙස ඉනිමක සාමාන්‍ය 42.41 ක්‌ ලෙස සටහන්කර ගෙන තිබෙනවා.

26 හැවිරිදි ධනුෂ්ක එක් ටෙස්ට් තරගයකට, එක්දින තරග 28කට, 20යි 20 තරග 5කට ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති බව සඳහන්. මේ අතර පාකිස්‌තානය සමග තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියෙන් ලසිත් මාලිංගව ඉවත්කර ඇති අතර 2019 ලෝක කුසලාන වෙනුවෙන් කණ්‌ඩායම සකස්‌ කිරීමට එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුයේ.

About article14

Check Also

විශිෂ්ට පන්දු යැවීමක් කල යෝකර් රජුට ආයෙත් කැපිල්ලක සලකුණු පල්ලෙකැලේ තරගය ක්‍රීඩා කරයිද කියන්න දන්නේ නැති බව මාලි කියයි

ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා තමන්ට කි‍්‍රඩා කිරිමට අවස්ථාවක් හිමිවේ යැයි විශ්වාසයක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!