Breaking News
Home / ක්‍රිඩා / ධනුෂ්කට තරග තහනම් වෙද්දි ඔහු එක්කම ක්ලබ් ගිය අනිත් පිතිකරු සංචිතයේ

ධනුෂ්කට තරග තහනම් වෙද්දි ඔහු එක්කම ක්ලබ් ගිය අනිත් පිතිකරු සංචිතයේ

ධනුෂ්ක ගුණතිලකට තරග 6 ක් සහ වාර්ෂික කොන්තරත් මුදලින් 20% ක දඩයක් නියම කලේ ඊයේ (5) දිනයේදී. ඒ විනය කඩ කිරීම හේතු කරගෙන. ඒ පිළිබද කිසිදු විවාදයක් නැත. ධනුෂ්ක වැරදි කරු වී ඇත්තේ ඉන්දීය සංචාරය ඇතුලත පුහුණුවීම් වලට හරිහැටි සහභාගි නොවී පැහැර හැර රාත්‍රී සමාජ ශාලා වල කාලය ගත කිරීම වැනි චෝදනා මතයි.

මිලියන ගනන් මුදල් ලැබෙන විට තමන්ගේ වෘතීය රට වෙනුවෙන් කිරීමට කිසිදු බාදාවක් නැත. රට වෙනුවෙන් ක්‍රීඩා කලා යයි ඔවුනට සොච්චම් පඩි ලැබෙන්නේ නැත. රට බේරාගත් රණවිරුවන් ජීවිතය පූජා කලේ මිලියන ගණනක පඩියකට නොවේ. හරිනම් අප ඔවුන්ට සදාකාලික ණය ගැතිය. ඒ සියල්ල එසේ තිබියදී පොඩි කොස්සක් ඇත. එනම් ධනුෂ්ක සමග ක්ලබ් යන අනෙකා ගැන කිසිදු තීරණයක් පරිපාලනය නොගෙන මේ වසරේ දෙවන හොඳම ලකුණු ලබාගත් ක්‍රීඩකයාට දැඩි දඬුවමක් දීමයි. ඒ ඔහු සමග ක්ලබ් ගිය කැප්ටන් අනෙක් ආරම්භක පිතිකරුවායි. ඔහුට පරිපාලනයෙන් යම් තල්ලුවක් තිබේදැයි අපට ප්‍රශ්නයකි.

පසුගියදා එංගලන්ත උපනායකයා මෙවැනි ක්ලබ් කලබගෑනියකට අසුවුනි. තරග තහනම් විය. අළුබදුන තරගාවලියෙනුත් ඔහු ඉවත් කලේ අකමැත්තෙනි. දක්ෂාතා වෙනස්ය. විනය අංක එකේ තිබිය යුතුය. එහෙත් මේ වන විට හොඳ ස්ථානයක සිටින අනෙක් ආරම්භක පිතිකරු කිසිදු උපද්‍රවයකින් තොරව ක්‍රීඩා කරයි.

ධනුෂ්කට මේ තීරණය ලබා දුන්නේ පරිපාලනයේ ක්ලීන් සූට් පෙන්නන්නට විය හැකි. ඒත් එය හංගලා ගහපු ගේමකි. ඒ ඔවුන්ගේ එකා හංගා අනුන්ගේ එකාට කෙලවීමේ නාටකයයි. මේ ක්‍රීඩකයා නුවර ඉහල විද්‍යාලයක වන නිසා ඔහු කණ්ඩායමේ නායකයා කිරීමටද යම් සැලැස්මක් ක්‍රියාත්මක වන බව පසුගිය කාලයේ කටකථාවකුත් තිබුනේය. එය කටකතාවක් ලෙසම බැහැර කිරීමටත් නොහැකි බව දැන්නම් අපට වැටහෙයි. විනය ක්‍රියාමාර්ග සමසේ ගත යුතුයි. එසේ නොවුනහොත් ඉදිරියේදී කණ්ඩායමේම කල්ලි බෙදී ගුටි කෙලගන්නා දිනය වැඩි ඈතක නොවන අතර එම පාප කර්මයත් වර්ථමාන විකෘති පාලකයන් බාරගත යුතුය.

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!