Breaking News
Home / ක්‍රිඩා / ද අප්‍රිකා ජෙෂ්ටයා හෂීම් අම්ලා ශ්‍රී ලංකා එක්දින තරගාවලියෙන් ඉවත් කරයි ලංකාව මෙන්ම නවක කණ්ඩායමක් සමග ලෝක කුසලානය අභියස වෙනස්කම්

ද අප්‍රිකා ජෙෂ්ටයා හෂීම් අම්ලා ශ්‍රී ලංකා එක්දින තරගාවලියෙන් ඉවත් කරයි ලංකාව මෙන්ම නවක කණ්ඩායමක් සමග ලෝක කුසලානය අභියස වෙනස්කම්

ඉරිදා එනම් 3 වනදා ආරම්භ වන ලෝක කුසලානයට පෙර පැවැත්වෙන තරගාවලි කිහිපයෙන් එකක් වන දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා තරගාවලියෙන් ජෙෂ්ට ක්‍රීඩක හෂීම් අම්ලා ඉවත් කර තිබෙනවා. නමුත් ද අප්‍රිකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔවුන් ඉවත් නොකළ අතර කෙටි විවේකයක් දුන් බවයි.

ජනවාරි මස අවසන් වූ පකිස්තාන එක්දින තරගාවලියේදී ශතකයක් සහ අර්ධ ශතකයක් ලබා ගත් අම්ලා ශ්‍රී ලංකාව සමග පවත ටෙස්ට් තරග 3 ඉනිම් 6 දීම ලකුණු අතරට පැමිණීමට හැකියාවක් නොලැබූ අතර ඔහු ලබාගත් ඉහලම ලකුණ වන්නේ ලකුණු 32 ක් පමණයි.

තරග 174 දී ශතක 27 අර්ධ ශතක 37 ලබා ඇති 35 හැවිරිදි අම්ලා ලකුණු 7910 ලබාගෙන ඇති අතර සාමාන්‍ය 50 පමණ වන ඇති දක්ෂ ක්‍රීඩකයෙක්. එසේම පසුගිය නොවැම්බර් ආබාදයක් නිසා ඉවත්ව සිටි 29 හැවිරිදි වේග පන්දු යවන්න ලුන්ගි එන්ගිඩි නැවත කණ්ඩායමට පැමිණ තිබෙනවා. ලුන්ගි තරග 14 කදී කඩුලු 26 දවාගෙන තිබෙනවා.

එසේම අම්ලා වෙනුවට ක්ලාසන් කැදවා ඇති අතර ඇන්රිච් නොර්ජේ නම් 25 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩකයකු පළමු වරට එක්දින කණ්ඩායමට කැදවා තිබෙනවා. කෙසේවෙතත් දකුණු අප්‍රිකා කණ්ඩායමද ලෝක කුසලානයට තරග 5 ක් තිබියද ශ්‍රී ලංකාව මෙන්ම නවක ක්‍රීඩකයන් රැසක් එක් කරගැනීම තරමක් පුදුමයට පත්වන කාරණයක්.

කණ්ඩායම මෙසේයි ප්ලේසිස් නායක, කොක්, හෙන්ද්‍රික්ස්,තාහිර්, ස්ටෙයින්,රබාඩා, මිලර්, මුල්ඩෙර්, එන්ගිඩි, පුහෙක්වයෝ, නොර්ජේ, සම්ෂි, ඩුසෙන්,ප්රෙටෝරියස්. පළමු තරගය 3 වන ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30 සිට දිවා තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

About article14

Check Also

සියලු තීරණ ගන්නේ ජලනි, එජාපෙ කැඩූ ජේෂ්ඨයන් අවුලෙන්, සජබෙන් ඉවත්වී ස්වාධින වනවා මුස්ලිම් කොන්ග්‍රසය කියයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමටත් අවධානය යොමු වී ඇති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!