Breaking News
Home / ක්‍රිඩා / දේශීය තරග වල පිට පිට ද්විත්ව ශතක දෙකක් ලැබූ 23 හැවිරිදි ප්‍රියමාල් පෙරේරාට එක්දින වරම්. ජෙෂ්ට ක්‍රීඩක තරංග සහ ධනන්ජය සිල්වා ඇතුලට. දික්වැල්ල හැලෙයි

දේශීය තරග වල පිට පිට ද්විත්ව ශතක දෙකක් ලැබූ 23 හැවිරිදි ප්‍රියමාල් පෙරේරාට එක්දින වරම්. ජෙෂ්ට ක්‍රීඩක තරංග සහ ධනන්ජය සිල්වා ඇතුලට. දික්වැල්ල හැලෙයි

දකුණු අප්‍රිකා හා ශ්‍රී ලංකාව අතර 4 වන එක්දින තරගයට කණ්ඩායම නම් කර ඇති අතර වෙනස් කම් සිදු කර තිබෙනවා. ඒ දික්වැල්ල වෙනුවට ජේෂ්ඨ ක්‍රීඩක තරංග ජනිත් වෙනුවට 23 හැවිරිදි ප්‍රියමාල් පෙරේරා සහ දනන්ජය සිල්වා වෙනුවට අකිල දනන්ජය ඇතුලත් කර තිබෙනවා.

ඒඅනුව ප්‍රධාන පන්දු යවන්නා වනු ඇත්තේ අත්දෙකෙන්ම පන්දු ක්‍රීඩක කමිදු මෙන්ඩිස්. එසේම ධනංජය සිල්වාද පන්දු යවනු ඇති. කෙසේ වෙතත් දික්වැල්ල ඉවත් නොකරනු ඇති බව අද උදැසනත් වාර්තා වූ අතර අවසන් මොහොතේ ඔහු ඉවත් කර තිබෙනවා.

එසේම ඇන්ජලෝ පෙරේරාට අවස්තාවක් ලැබෙනු ඇතියි සදහන් වුවත් අවස්තාව ලැබී තිබෙන්නේ ප්‍රියමාල්ටයි. ප්‍රියමාල් පෙරේරා කොලබ ශාන්ත ජෝශප් ක්‍රීඩකයකු වන අතර කෝල්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්.

මොහුගේ විශේෂත්වය වන්නේ අවසන් දේශීය තරගාවලියේදී බදුරලිය හා බගර් ක්‍රීඩා සමාජ වලට එරෙහිව පිට පිට 200 හා 206 නොදැවී ලබාගැනීමට සමත් වීමයි.ඉන් අනතුරු තරග වල පිළිවලින් 87, 51, 107, 34, 29, 126, 6, 63 ලෙස පෙබරවාරි 16 දක්වා තරග වලදී ලබා තිබෙනවා. මේ හේතුව මතයි ප්‍රියමාල් ජාතික සංචිතයට තේරී පත්වුණේ.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහර දීමට ලංකාවට ආරදනය කර තිබෙනවා. ලංකාව අවසන් තරග 6ම පිට පිට පරාජයට පත්වී ඇති අතර අද දිනයේ එය බිද හෙලීමට හැකිවේදැයි බලා සිටිමු.

About article14

Check Also

නිරාගමික මංගලගේ මතයට රනිල්ගෙන් කනේපහරක්

ථෙරවාදී බුදු දහම නිසා මෙරට ශිෂ්ටාචාරයත් සිංහල ජාතියත් බිහි වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!