මේ වන විට ෆෝඩ් පුහුණුකරු දූරය පසුගිය ජූනි මස අතහැරීමත් සමග පන්දු රැකීමේ පුහුණුකරු නික් පොතෙස් වැඩබලන ප්රධාන පුහුණුකරු ලෙස ක්රියා කරනවා.
ක්රිකට් ආයතනයේ ප්රකාශකයකු සිලෝන් ටුඩේ පුවත්පතට ප්රකාශයක් දෙමින් පවසා ඇත්තේ එලබෙන දෙසැම්බරය වන විට ප්රධාන පුහුණුකරුවකු පත් කරගන්නා බවයි. එයට බොහෝ දුරට ශ්රී ලංකා සහය පුහුණුකරුවකු සිට පරිපාලනය විසින් එකවර ඉවත් කර දැමූ වර්ථමාන පෙරලිකාර බංගලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ පත්විය හැකිබව විශ්වාස ආරංචියක් සිලෝන් ටුඩේ පුවත්පත වාර්ථා කරනවා.
කෙසේ වෙතත් හතුරුසිංහ 2019 වන තෙක් බංගලාදේශය සමග ගිවිසුම්ගතව ඇති නිසා එය ගිවිසුම් කඩ කල නොහැකි බවයි වාර්ථා සදහන් කලේ. එසේ සිදුවනවානම් මිලියන ගණනක් ශ්රී ලංකා ක්රිකට් ආයතනය බංගලාදේශයට ගෙවා ඔහු ලබා ගත යුතු යන්නයි ගිවිසුම වන්නේ. ක්රිකට් ආයතන විශ්වාස කටයුතු ආරංචි මාර්ග හතුරුසිංහ පුහුණුකරු වනු ඇතැයි දැනට වාර්ථා වන්නේ.
Cricklanka.com